ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදවා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

එම කාර්ය මණ්ඩලය අද (26) හම්බන්තොට වරායට රැගෙන ආ බවද නාවික හමුදාව පැවසුවා.

මෙම වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අනුයුක්ත කර තිබුණා.

එහිදී, ආපදාවට පත් වෙළද නෞකාවේ සිටි ඉන්දීයානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්  14 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සමුදුර නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව,  අද (26) හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව ද නාවික හමුදාව පැවසුවා.

Share.
Leave A Reply

Exit mobile version