ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය යන ප්‍රධාන ජාත්‍යන්තර ආයතන වෙත, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ලිපියක් මගින් දැනුම් දීමක් සිදුකර ඇත.
එම සංගමය විසින් ඉල්ලා ඇත්තේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ගැඹුරුන් අවධානය යොමු කරන ලෙසටය.
මෙම ගැටලු අතරින් ප්‍රධානතම කරුණ ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාව නීතිවිරෝධී හා ද්වේශ සහගත ලෙස සේවය තහනම් කර ඇත බවය.
එය නීතිමය ක්‍රමවේද, ස්වාභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනතාවය දැඩි ලෙස උල්ලංඝනය කරන ක්‍රියාවක් ලෙස එම සංගමය පෙන්වා දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය මඟින් යවන ලද මෙම ලිපි මඟින් මෙම සේවය තහනම් කිරීම නීතිමය බලය නොමැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව (SAC) මගින් සිදු කර ඇති අතර, එය නැති බලයක් පවරාගෙන සිදු කරන ලද ක්‍රියාවක් බවද පෙන්වා දී ඇත.
එමෙන්ම, මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ නීතිමය බලයක් නොමැති හා ක්‍රමවේදය දෝෂ සහිත මූලික පරීක්ෂණයක් මත පදනම් වීම හේතුවෙන්, මුල් අවස්ථාවෙන්ම එය අදාළ නොවන බවට නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණ හමුවේ පවරන ලද නඩුවේදී කරුණු ඉදිරිපත් වී ඇති බවද පෙන්වා දී තිබේ.
තවද, මෙම සංගමය පෙන්වා දෙන්නේ මෙම තීරණය ස්වාධීන පරිපාලන තීරණයක් නොව, වත්මන් කථා නායක ජගත් වික්‍රමරත්න මහතාගේ සෘජු පෞද්ගලික මැදිහත් වීමක් මත සිදු කර ඇති බවය.
මෙය ඔහු විසින් තම බලය ඉක්මවා ද්වේශ සහගත ලෙස කටයුතු කිරීමක් බව මෙකී ලිපි මඟින් පෙන්වා දී ඇත.
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ,

