දෙසැම්බර් මස 29 වනදින සිට දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version