” යම් තැනැත්තෙකු සිය පණ හානි කර ගනු ලැබුවහොත්,එකී සිය පණ හානිකර ගැනීමේ ක්‍රියාවට අනුබල දෙන තැනැත්තකුට ම#රණ දඬුවමින් දඬුවම් කල යුතුය”ලෙසයි. මේ අනුව සියදිවි නසාගත් පුද්ගලයා ඒ තත්ත්වයට පත්කිරීමට හේතු වූ කරුණු මත යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් එයට දායක වී තිබේ නම් සියදිවි හානි කර ගැනීම සඳහා අනුමිත පෙළඹවීමක් (constructive abets )සිදුකළ බව ඔප්පු කිරීමෙන් ඔවුන්ටද මරණ දඬුවමින් දඬුවම් කල හැකි බව පැහැදිලිය.

මෙහිදී “අනුබලදීම” යන්න දණ්ඩ නීති සංග්‍රහයේ 100 සහ 101 වගන්තිවල පැහැදිලිව දක්වා තිබෙනවා. වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා සිය ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා එම සම්පූර්ණ සටහන පහතින්

උපුටා ගැනීම

මේ දිනවල සියදිවි හානි කර ගැනීම් වශයෙන් සැලකෙන සහ සැක කරන ම#රණ රාශියක් වාර්තා වනවා විශේෂයෙන්ම රාජ්‍ය සේවයෙහි ඉහළ තනතුරු දැරූ පුද්ගලයන් ද වංචා දූෂණ සම්බන්ධ නඩුවල සැකකරුවන් මෙන්ම සාක්ෂිකරුවන්ද ඒ අතර සිටිනවා

ම#රණ පරීක්ෂණවලදී මෙවන් මරණ වලට හේතුව ලෙස බොහෝවිට සඳහන් වන්නේ සිය දිවි නසා ගැනීමයි. එවිට ඒ සඳහා වගකිය යුතු එකම පුද්ගලයා බවට පත්වන්නේ මියගිය පුද්ගලයා වන බැවින් වෙනත් කිසිවෙකුට එහි වගකීම පැවරෙන්නේ නැහැ. මේ ගැන විමර්ශනය කරන අය අවසානයේ පවසන්නේ මානසික අවපීඩනය නැතහොත් විශාදය හේතුවෙන් මේ අය සිය දිවි නසා ගන්නා බවයි.සියදිවි නසා ගන්නා අය අවසානයේදී සියදිවි නසා ගන්නේ මානසික අවපීඩනය නිසා බවට සැකයක් නැහැ.නමුත් එය මනස තුළින් අභ්‍යන්තරව ඇතිවූ රෝගී තත්ත්වයක් නොව බාහිර හේතුවක් මගින් ඇති කළ තත්ත්වයක් නම් ඒ තත්වය ඇති කළ පුද්ගලයන්ට දඬුවමක් තිබිය යුතු නොවේද ?

තමන් වෙත එල්ල වෙන තදබල තර්ජන හේතුවෙන් ඇතිවන මානසික අසමතුලිතතාවය හේතුවෙන් සිදු කරගන්නා ජීවිත හානි සඳහා ( Abetment of suicide ) එයට අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීතිසංග්‍රහයේ 299 වගන්තිය යටතේ කටයුතු කළ හැකි වනවා.

එම වගන්තියේ දැක්වෙන්නේ ” යම් තැනැත්තෙකු සිය පණ හානි කර ගනු ලැබුවහොත්,එකී සිය පණ හානිකර ගැනීමේ ක්‍රියාවට අනුබල දෙන තැනැත්තකුට මරණ දඬුවමින් දඬුවම් කල යුතුය”ලෙසයි. මේ අනුව සියදිවි නසාගත් පුද්ගලයා ඒ තත්ත්වයට පත්කිරීමට හේතු වූ කරුණු මත යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් එයට දායක වී තිබේ නම් සියදිවි හානි කර ගැනීම සඳහා අනුමිත පෙළඹවීමක් (constructive abets )සිදුකළ බව ඔප්පු කිරීමෙන් ඔවුන්ටද මරණ දඬුවමින් දඬුවම් කල හැකි බව පැහැදිලිය.

මෙහිදී “අනුබලදීම” යන්න දණ්ඩ නීති සංග්‍රහයේ 100 සහ 101 වගන්තිවල පැහැදිලිව දක්වා තිබෙනවා.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 100 වගන්තියට අනුව අනුබලදීම යනු “යම් දෙයක් කිරීමට යම් කෙනෙකු පොළඹ වන්නෙක් ” අදහස් වන බව දක්වා තිබීම විශේෂත්වයක්

එසේම අනුබල දීම යන වරද සංයුක්ත වීම සඳහා පොළඹවනු ලැබූ වරද කර අවසන් කිරීම අවශ්‍ය නොවන බව 101 වගන්තියේ නිදර්ශනවල සඳහන්. ඒ අනුව “ඩී”නම් පුද්ගලයෙක් මැරීමට ‘ඒ” විසින් “බී”පොළඹවනු ලැබ, “බී” විසින් “ඩී ” ට පිහියෙන් අ#නින ලද නමුත් ඔහු තුවාල ලබා ම#රණයෙන් බේරෙනවා නමුත් මෙහිදී ” ඒ” මි#නීමැරීම සඳහා අනුබල දීමේ වරදට වරදකරුවන බව දක්වා තිබෙනවා. මේ අනුව දැඩි මානසික පීඩනයක් ඇති කිරීම මත යම් තැනැත්තකු සියදිවි නසා ගැනීමට තැත් කිරීම වුවත් 299 වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැකි වරදක් බවට පත්වනවා

මෙවන් සියදිවි නසා ගැනීම වාර්තා වන අවස්ථාවලදී එම පුද්ගලයන්ට යම්කිසි බාහිර පාර්ශ්වයක් විසින් දිවි නසා ගැනීමට පොළඹවන තරමේ දැඩි මානසික පීඩාවක් සිදුකර තිබුණේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological autopsy ) සිදුකිරීමේ අවශ්‍යතාවය මේ වන විට බෙහෙවින් ඉස්මතු වෙමින් පවතී.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

උපුටා ගැනීම අවසන්

Share.
Leave A Reply

Exit mobile version