නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම ඉදිරියේදී සිදුකිරීමට බලාපො⁣රොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඉතිහාසයේ පළමුවරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදස්කිරීමක් නෙවීය. ,නිදහස් කළ යුතු රැඳවියන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බව. අප කල විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා

කෙසේවෙතත් සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර, ඒවා ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සිදු කරනු ඇති බව සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version