ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ වීමේ ප්‍රවණතාවක් පවතින බව කුරුණෑගලදී පැවැති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකට ආරාධිත දේශනයක් අමතමින්ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් පැවැසුවාය.

නීතිය පිළි නොගන්නා ලිංගික සම්බන්ධතා රටේ වියළි කලාපය තුළ ඉහළ මට්ටමක පවතී. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවුරුදු 14, 15, 16 තරම් අඩු වයසේ තරුණියන් වයස අවුරුදු 45, 50 වයස්ගත පිරිමින් සමඟ ජීවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව පොළොන්නරුව ප්‍රදේශයේ කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙවැනි සම්බන්ධතා හේතුවෙන් උපදින දරුවන්ට උප්පැන්න ලබා දීමේ ගැටලු මතු වීැති බව ඇය සඳහන් කර සිටියා

මවට අවුරුදු 15ක් සහ පියාට අවුරුදු 13ක් වන ළාබාල විවාහයක් ද කුරුණෑගලින් හමු වූ බව උදාහරණයක් ලෙස ඇය පෙන්වා දුන්නාය.

දරුවා ප්‍රසූත කළ පසු එම ගැහැනු ළමයාට නැවත පාසල් යාමට නොහැකි වී ඇති බවත් ඇය එතැනින් පසු “අවලංගු කාසියක්” බවට පත්වන බවත් ඇය සඳහන් කළාය.

එමෙන්ම කොළඹ පවත්වාගෙන යන සම්භාහන ආයතනවල (ස්පා) වැඩි වශයෙන් සේවය කරන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තරුණියන් සහ කාන්තාවන් බවද සභාපතිවරිය සඳහන් කළාය

Share.
Leave A Reply

Exit mobile version