ගනේමුල්ල සංජීව නමත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන
ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(21) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.
සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරන ලද කරුණු දක්වමින පවසා සිට්යේ සිද්ධියට අදාල මෙම සැකකාරිය සම්බන්ධයෙන් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි.
සිද්ධියට අදාල නඩුව අද අධිකරණයේ කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාල පහළොස්වන සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශන වලදී ඇය විසින් පුද්ගලික බැංකුවක ගිණුමක් පවත්වා ගෙන ගොස් තිබු බවයි.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකාරිය සහ ඇගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.


