කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපක දත්ත විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 48ක කාලය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ වර්ණය: (Amber)  

මෙය හෙට (17) පෙ.ව 8.00 දක්වා වලංගු වෙයි.

අවදානමට ලක්විය හැකි ප්‍රදේශ

– බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 
– මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 
– පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 

ඉහත ප්‍රදේශවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන් වෙයි.

මේ අතර කුඩා ගඟ හා මගුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී.

එම ප්‍රදේශවල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙසත් නිවේදනයේ සඳහන් වෙයි.

තවද, ප්‍රදේශය හරහා රිය ධාවනය කිරීමේදී විකල්ප මාර්ග භාවිත කිරීමට හෝ උපරිම අවධානයෙන් ධාවනය කිරීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

Share.
Leave A Reply

Exit mobile version