දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළ විලී ගමගේ අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

ඒ එම කොමිසම විසින් විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවීමකට අනුවයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට හා විලී ගමගේ නැමති අයගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම පසුගිය 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණා

Share.
Leave A Reply

Exit mobile version