උතුරේ විවිධ පුද්ගලයන් හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවලින් ගමන් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
උතුරු ප්‍රදේශවල ඇතැම් තරුණයන් හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවල ගමන් කරන බවට එම ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට ඔහු එසේ කියා සිටියේය.
උතුරට හෝ දකුණට කියා නීතිය වෙනසක් නොමැති බවත්, පොලිසිය හැමදෙනාටම නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.

