2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ.

ඒ අනුව මේ වසරට අදාළ ලේඛනයට ඇතුළත්වී නොමැති හෝ ලිපිනයේ, නමෙහි, හැඳුනුම්පතෙහි සංශෝධන ඇති, 2009.02.01ට පෙර උපන් අය තම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් ඒ බව විමසීමක් සිදු කළ යුතුය.

ඉදිරි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් කර ඇති බව සහතික කර ගන්නා ලෙසට කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වන ec.lk/vrd වෙත පිවිස සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කළ හැකිය. 

Share.
Leave A Reply

Exit mobile version