ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන්වනු ලැබූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ කිසිදු බොරතෙල් තොගයක බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක් ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

කෙසේ වෙතත්, අදාළ මිල ගණන්වලට ආසන්න අගයකින් පිරිපහදු කරන ලද ඩීසල් තොග මිලදී ගත් බවයි අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මාර්තු 31 වැනිදා මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවේ ඩීසල් බැරලයක මිල ඩොලර් 288.05ක් වී ඇති බව ඔහු පෙන්වා දුන් අතර එමෙන්ම අප්‍රේල් 07 වැනිදා පැමිණි ඉන්ධන නෞකාවල ඩීසල් තොග සඳහා පිළිවෙළින් ඩොලර් 288.06ක් සහ ඩොලර් 281.07ක් ද, සුපර් ඩීසල් සඳහා ඩොලර් 303.77ක් ද ගෙවීමට සිදු වූ බව ඔහු ප්‍රකාශ කළා.

පැවති යුදමය තත්ත්වය හමුවේ ප්‍රිමියම් අගයන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ ගොස් තිබූ බවත්, එම මිලට හෝ ඉන්ධන ලබා නොගත්තේ නම් රට තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකිව තිබූ බවත් ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් අවධාරණය කළා.

Share.
Leave A Reply

Exit mobile version