දෙසැම්බර් මාසයේ 11 වෙනිදට තමයි ලෝක කඳුකර දිනය යෙදිලා තියෙන්නේ. පළමු වරට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2002 වසර කඳු පිලිබඳ අන්තර්ජාතික වසර ලෙස ප්‍රකාශයට පත්කරලා තියනවා. මෙමඟින් කඳුකරයට අන්තර්ජාතික අවධානය යොමුවෙලා තියනවා. කඳුකර දිනය මුලින්ම සමරලා තියෙන්නේ 2003 වසරේ.
ලෝකයේ තියෙන කදුවලින් අපට ලැබෙන ප්‍රයෝජන සහ කදු ආරක්ෂා ගැනීමේ වැදගත්කම ගැන මිනිස්සුන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් තමයි මේ දිනය නම් කරලා තියෙන්නේ.
පෘතුවියේ ගොඩබිම්වලින් 27%ක් පමණ කඳුවලින් සමන්විතයි. ලෝක ජනගහණයෙන් බිලියනයකට වඩා මිනිස්සු කදු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා. ලෝකයේ කදුකරවල ජීවත් වන මිනිසුන්ගෙන් 80%ක් දුප්පත්කමින් පෙළෙන අය කියලත් හඳුනාගෙන තියනවා. ලෝකයේ නැවුම් සුපිරිසිදු වතුරවලින් 75%ක් උත්පාදනය වෙන්නෙත් කදුවලන්. ඒ වතුර ලෝක ජනගහණයෙන් 50%කට වඩා දෛනිකව භාවිතා කරනවා. ලෝකයේ අත්‍යාවශ්‍යම ආහාර 20න් 6ක්ම වගා කරන්නෙ කඳුවලයි.
මේ දවස්වල ලංකාවේ ගොඩක් නගර, ගම් නායයෑම්වලින් විනාශ වෙලා තියනවා. කඳුකර ප්‍රදේශ බෝහෝමයක් නායගිහින්.එයින් මිනිස්සුන්ගේ ජීව්ත් විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ වගේම නිවාස, ගොඩනැඟිලි විතරක් නෙවෙයි, වගා බිම්, ව්‍යාපාර සහ මිනිසුන්ගේ දෛනික ජීවනාවලිය සම්පූර්ණයෙන්ම අඩාල වුණා.
මොකක්ද මේ කඳුකර ප්‍රදේශ නායයෑම්වලට හේතුව? කඳුකර ප්‍රදේශ වල වන වගාව විනාශ කිරීම, ගොඩනැඟිලි, නිවාස, මාර්ග ඉඳිකිරීම වගේ මානුෂ ක්‍රියාකාරකම් නායයෑම්වලට හේතුවෙනවා. ඒ වගේම ඇතැම්විට භූමිකම්පා වැනි ස්වාභාවික හේතුත් මේ සඳහා බලපාන්න පුළුවන්.
අදාල වසරේ පරිසර හෝ ආර්ථික ප්‍රශ්න අනුව එක්සත් ජාතීයය විසින් විශේෂ තේමාවක් තෝරාගනී. (උදා—කඳුකර ආහාර පද්ධති, කඳුකර ජීවවිවිධත්වය, කඳුකර ජනතා අයිතිවාසිකම් වැනි).
2025 ජාත්‍යන්තර කඳුකර දිනය තුළ කෘෂිකර්මාන්තය, ජල ආරක්ෂාව වගේම අවදානමට ලක්විය හැකි කඳුකර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් සඳහා ග්ලැසියර සංරක්ෂණය කිරීමේ වැදගත්කම තේමාව වෙලා තියනවා.
කෙසේවෙතත් ලෝක කඳුකර දිනයක් නම් කරලා තියෙන්නෙත් කඳුකර ප්‍රදේශ ආරක්ෂා කරගන්න. එමනිසා කඳුකර ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සමස්ත ප්‍රජාවගේම වගකීමක්.

