Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»විශේෂාංග»ජනවාරියේ සිනමා උණුසුම: හෙළ සිනමාවට නව අවධියක් විවර කරන චිත්‍රපට පෙළක්.
    විශේෂාංග

    ජනවාරියේ සිනමා උණුසුම: හෙළ සිනමාවට නව අවධියක් විවර කරන චිත්‍රපට පෙළක්.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiDecember 25, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වසරේ ජනවාරිය, හෙළ සිනමාවට විශේෂත්වයෙන්ම මතක රැඳෙන මාසයක් වීමට නියමිතය. සත්‍ය සිදුවීම් පදනම් කරගත් දැවැන්ත නිර්මාණයකින් ආරම්භ වී, නව්‍ය සිනමා අත්දැකීම්, ජනප්‍රිය කතාමාලා වල දිගහැරුම් සහ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ අවසන් මතක සලකුණු දක්වා විහිදී යන චිත්‍රපට රැසක්ම මේ ජනවාරියේදී ප්‍රේක්ෂකයා හමුවට එයි.

    ජනවාරි 9 වැනිදා සිට තිරගත වීමට නියමිත “Father” චිත්‍රපටය, 70–90 දශකයන්හි ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගනිමින් නිර්මාණය වූ විශාල පරාසයක කතාවකි. සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි ඇතුළු ප්‍රවීණ හා නව පරපුරේ රංගන ශිල්පීන් රැසක්ම එකම තිරයක එකතුවීම මෙහි විශේෂත්වයකි.

    චමින්ද ජයසූරියගේ අධ්‍යක්ෂණයෙන්, EMIKA PRODUCTIONS වෙනුවෙන් ශාන්ත ගීතදේවගේ නිෂ්පාදනයක් ලෙසින් එළිදක්වන මෙම චිත්‍රපටය, අතීතයේ සිදුවූ සිදුවීම් අදට ගෙන එමින් සමාජ මතකය අවදි කිරීමට උත්සාහ කරයි.

    “සයනයිඩ්” චිත්‍රපටය, ජීවිතයේ සාපේක්ෂතාවය සහ එක් නොසිතූ සිදුවීමකින් සියල්ල වෙනස් විය හැකි ආකාරය සිනමාත්මකව විමසා බලයි.
    යුද්ධයේ අනිටු විපාකයන්, අතීතයේ අමතක නොකළ යුතු සිදුවීම්, කාල රාමු කිහිපයක් හරහා ගලා යන කතාවක් ලෙසින් මෙය ඉදිරිපත් වේ. නලින් රාජපක්ෂගේ අධ්‍යක්ෂණයෙන්, අපූරු කැමරා කෝණ, ඩ්‍රෝන දර්ශන සහ තීව්‍ර පසුබිම් සංගීතය සමඟ “සයනයිඩ්” නව පරපුරේ සිනමා රසිකයාට අමු අත්දැකීමක් ලබා දෙයි.

    Drishyam චිත්‍රපට මාලාවේ දෙවන දිගහැරුම ලෙසින් මෙරට තිරයට එන “ධර්මයුද්ධය 2” ජනවාරි 2 වැනිදා සිට තිරගත වීමට නියමිතය. අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය, “මහපොළොව මත මිහිදන් කළ කිසිදු රහසක් සදාකාලික නොවන බව අඟවයි.
    පළමු කොටසෙන් විශාල ආදායම් වාර්තා තැබූ මෙම කතාමාලාවේ, හරිස්චන්ද්‍රගේ භූමිකාවට මෙවර බිමල් ජයකොඩි ජීවය දීමද විශේෂත්වයකි. දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, සනත් ගුණතිලක ඇතුළු විශාල රංගන පිරිසක් එක්වීමෙන් චිත්‍රපටයට දැවැන්තත්වයක් එක්වේ.

    ජනවාරි 2 වැනිදා සිට තිරගත වීමට නියමිත “මලකි දුවේ නුඹ” හෙළ සිනමාවේ නිළි රැජින ලෙස කිරුළ පැලඳූ ආචාර්ය මාලනී ෆොන්සේකා රංගයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වීම නිසා විශේෂ ඉතිහාසීය වටිනාකමක් උසුලයි. වින්දන සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය, දේශීය සිනමා ශාලාවලට අමතරව කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද සමත් වීමෙන්, හෙළ සිනමාවේ ගුණාත්මකභාවය නැවතත් ජාත්‍යන්තරයට පෙන්වයි.

    සත්‍ය සිදුවීම්, සමාජ-දේශපාලන මතක, නව්‍ය සිනමා භාෂාව සහ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ දායකත්වය මෙම සියල්ල එකට ගලා එන 2026 ජනවාරිය, හෙළ සිනමාවට නව අවධියක් සලකුණු කරන මාසයක් බවට පත්ව ඇත. සිනමා රසිකයන්ට නම්, මේ ජනවාරිය පුරාම සිනමා ශාලා දෙසට ඇද හැලෙන උණුසුම අත්විඳීමට සූදානම් විය යුතු කාලයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    මාවිල්ආරු දියවර ඇපයට තැබූ සාහසිකත්වයඅවසන් කල විජයග්‍රහණයේ පියවර.

    May 18, 2026

    තමිල්නාඩුවේ නව බලය, පැරණි ඊළාම් සිහිනය: ශ්‍රී ලංකාවට නැවත අනතුරක්ද?

    May 18, 2026

    “ අපි අවසන් මොහොත දක්වා එකට සටන් කරමු”කොකාවිල් සටනේ අමරණීය වීරයා…පරම විර විභූෂණ සම්මානලාභීකපිතාන් උපුල් සාලිය අලදෙණිය

    May 18, 2026

    කිසිදා අමතක නොකල යුතු ලෝකයේ බියජනකම ත්‍රස්ත නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ අවසානය පිළිබඳ නැවත කියවීමක්

    May 18, 2026

    දෙතොල් හැඩ කරන විෂ තට්ටුව ,ලිප්ස්ටික් මෙතරම් දරුණු බව ඔබ දන්නවද?

    May 11, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්‍ෂ 60…

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.