Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ එම ධීවරයින් සමග ඔවුන් පැමිණි ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගත් බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ රාමනාදපුරම් හි වෙසෙන අය බවත් ඔවුන් මෙරට මුහුදු තීරයට උල්ලංඝණය කර ධීවර කටයුතු කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගත් ධීවරයින් තිදෙනා සහ යාත්‍රාව කන්කසන්තුරය වරායට රැගෙන ඒමට නියමිත බවත් නාවික හමුදාව පැවසීය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ඇතිවූ ආපදා හේතුවෙන් බොහෝ දෙනකුගේ ආර්ථික මට්ටම් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ඇණවුම් කරන ලද වාහන ඔවුන්ට මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (Ceylon Automobile Importers Association) සභාපති ප්‍රසාද් මානගේ පැවසීය. මෙරටට ගෙන්වන සෑම වාහනයකටම ආනයනය කර මාස තුනක් ඉක්ම ගිය පසුව සියයට තුනක (3%) දඬුවම් මුදලක් (Penalty) අය කෙරෙන බවත් ආපදා තත්ත්වයෙන් තමන්ට ඇතිවූ ගැටලු නිසා එම කාල සීමාවේදි බොහෝ දෙනකුට තමා විසින් ඇණවුම් කරන ලද වාහන මිලදී ගැනීමට නොහැකි වී ඇතැයිද ඔහු කීවේය. එම නිසා මෙම සියයට තුනක (3%) මුදල අය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන්…
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් පසුගිය 24 වැනි දින අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබේ. සැකකරු රැඳවුම් නියෝග මත රඳවා සිදුකරන ලද විමර්ශනයේදී දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පවත්න බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඝාතනයන් කිහිපයක වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව 2024.03.11 අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදු කිරීම. 2025.05.03 වන දින මීටියාගොඩ පොලිස් වසමේ ටී 56…
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (28)පැවැත්වෙයි. තරගය ඉන්දියාවේ තිරුවනාන්තපුරම් හිදී අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති මුල් තරග තුනම ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වන විටත් විස්සයි20 තරගාවලිය ජයගෙන තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
ගාල්ල මහ නගර සභාවේ 2026 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛණය පිළිබඳ දෙවන වර ඡන්ද විමසීමේදි අනීතික ලෙස අයවැය සම්මත වු බවට ලේඛණ ගතකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දකුණු පළාත් පාලන සහකාර කොමසාරිස් මංජුල ප්‍රියන්ත පෙරේරාට ඊයේ (26) සවස පෙත්සමක් බාර දුන්නා. ඒකාබද්ධ මෙම ඡන්ද විමසීමේදී ‘විපක්ෂයි’ කියු මන්ත්‍රිවරුන් හතර දෙනෙක් ‘පක්ෂයි’ යනුවෙන් පැවසු බවට සටහන් කොට අනීතික ලෙස අයවැය සම්මත කරගත් බව මෙම පෙත්සමෙන් දක්වා තිබුණා. විපක්ෂයේ මන්ත්‍රිවරු 19දෙනා තමන් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවට දිව්රුම් ප්‍රකාශ 19ක්ද මෙම පෙත්සම සමග පළාත් පාලන සහකාර කොමසාරිස්වරයාට බාර දුන්නා. මේ අතර, ගාල්ල ශ්‍රි ලංකා නිදහස්…
නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනු ලැබූවේ ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබාදීමෙන් අනතුරුව බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි. කෙසේ වෙතත් වර්ෂා කාලයේ දී මෙම මාර්ගයේ ගමන් කිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය. කඩුගන්නාව පහළ ප්‍රදේශයේ නායයාමෙන් මාර්ගයට සිදු වූ හානිය අවම කිරීමට ඉංජිනේරු ක්‍රමවේදයන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික පරීක්ෂණයන් මේ වන විට සිදු කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම ඔහු පැවසුවේ ද්‍රෝණ තාක්ෂණය භාවිතයෙන් එම අවදානම් ප්‍රදේශ හඳුනා ගෙන ඇති බවත්, එයට අදාළ…
සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ. එමගින් පොලීසිය පෙන්වා දෙනුයේ අදාළ සිදුවීමට අනුව වැඩතහනම් කරන ලද සූරියකන්ද පොලිස් සථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කරමින් විවිධ මාධ්‍යන් වෙත ප්‍රකාශ ලබා දී ඇති බවය. එම ප්‍රකාශ මගින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් එම නිලදාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් සඳහන් වී ඇතැයිද පොලීසිය…
අම්බලන්ගොඩ වෙළෙඳ ප්‍රදර්ශනාගාර කළමනාකරුගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස් ප්‍රධානියෙකුට අයත් බවට පැවසෙන නිවසක රැඳීසිටිමින් ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. එය මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසක් බවද සඳහන් වේ. පොලිස් කණ්ඩායම් එම නිවසට යන විටත් සැකකරුවන් පලාගොස් තිබූ බව ද වාර්තා වේ. අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකු පසුගිය දෙසැම්බර් 22වනදා වෙඩි තබා ඝාතනය කෙරුණේ එම පරිශ්‍රය තුළදීය. සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය කිරිබත්ගොඩදී සහ මාකොළදී පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් පවසා ඇත්තේ, වෙඩික්කරුවන්ට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදුන්නේ සහ ඔවුන් සම්බන්ධීකරණය කළේ තමන් බවය. ඒ විදෙස්ගතව සැඟව…
ආණ්ඩුව විවේචනය කිරිමට හා අඩුපාඩු පෙන්වාදීමට මාධ්‍යයට හැකියාව පැවතිය ද විකෘති තොරතුරු හා බොරු තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ක්‍රියාකිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා නිලධාරීන් සදහා ලැප්ටොප් පරිගනක ලබාදිමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කළුතර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ද මෙහිදි පැවැත්වුණා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් ඊට එක්වුණා. අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට ද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී බලපෑ හැකි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, දෙසැම්බර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වූ ඊශාන දිග මෝසම් තත්ත්වය මේ වන විට තවදුරටත් සක්‍රීය වී ඇති බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව, නැගෙනහිර ප්‍රදේශයේ ඇති වී තිබෙන තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් දෙසැම්බර් 29 වැනිදා සිට වර්ෂාපතනය ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව, උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක්…
