Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
ලුණුවිල පොලිස් වසමේ තුම්මෝදර බෝලවත්ත මාර්ගයේ පෙස්ටස් පෙරේරා මාවත ප්‍රදේශයේදී ඊයේ (26) සවස් කාලයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා. යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. අනතුරින් පැදිකරු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. මරණයට පත්වී ඇත්තේ වයස අවුරුදු 18ක් වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර, මිද්දෙණිය පොලිස් වසමේ තලාව දෙබොක්කාව ප්‍රදේශයේදී ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කානුවකට වැටී සිදුවූ අනතුරින් 31 හැවිරිදි පැදිකරුවෙකු තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගියා. වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී…
රුසියා , යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරිමේ අරමුණින් යුක්‍රේන ජනාධිපතිවරයා හෙට දිනයේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි. යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හෙට දිනයේ දී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරනවා. ෆ්ලෝරීඩා හිදී පැවැත්වීමට නියමිත මෙම හමුවේ දී රුසියාව සමග පවත්නා යුද ගැටුම් අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම යෝජනාවලියට ඊයේ දිනයේ දී සංශෝධන එක්කෙරුණු අතර එම සංශෝධන සඳහා යුක්‍රේනය ප්‍රසාදය පළ කර තිබුණා. මෙම හමුවේ දී සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙන්ම ඇමෙරිකාවෙන් ආරක්ෂාව තහවුරු…
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයෙක්ට ගිනි අවියක් ලබා දීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
2026 වසරේ ජනවාරිය, හෙළ සිනමාවට විශේෂත්වයෙන්ම මතක රැඳෙන මාසයක් වීමට නියමිතය. සත්‍ය සිදුවීම් පදනම් කරගත් දැවැන්ත නිර්මාණයකින් ආරම්භ වී, නව්‍ය සිනමා අත්දැකීම්, ජනප්‍රිය කතාමාලා වල දිගහැරුම් සහ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ අවසන් මතක සලකුණු දක්වා විහිදී යන චිත්‍රපට රැසක්ම මේ ජනවාරියේදී ප්‍රේක්ෂකයා හමුවට එයි. ජනවාරි 9 වැනිදා සිට තිරගත වීමට නියමිත “Father” චිත්‍රපටය, 70–90 දශකයන්හි ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගනිමින් නිර්මාණය වූ විශාල පරාසයක කතාවකි. සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි ඇතුළු ප්‍රවීණ හා නව පරපුරේ රංගන ශිල්පීන් රැසක්ම එකම තිරයක එකතුවීම මෙහි විශේෂත්වයකි. චමින්ද ජයසූරියගේ අධ්‍යක්ෂණයෙන්, EMIKA PRODUCTIONS වෙනුවෙන් ශාන්ත ගීතදේවගේ නිෂ්පාදනයක් ලෙසින් එළිදක්වන මෙම…
ජපානයේ ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු එරට ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමට උත්සහ කිරීමේ දී අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සිදුවීම දුටු පොලිස් නිලධාරියෙකු ඔහු ඉන් වළක්වා ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විසින් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත. අතෙහි සහ ගෙල ප්‍රදේශයේ තුවාල සහිතව සිහිසුන්ව සිටි ශ්‍රී ලාංකිකයා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර පසුව ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව…
මොස්කව්හි සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු බලධාරීන් පවසා තිබේ. නගරයේ යෙලෙට්ස්කායා වීදියේ පොලිස් මෝටර් රථයක් අසල “සැක සහිත පුද්ගලයෙකු” රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දුටු අතර, ඔහු රඳවා තබා ගැනීමට සැකකරු වෙත ළඟා වූ විට, පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැර ඇති බව රුසියාවේ විමර්ශන කමිටුව පවසයි. පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා මිය ගිය අතර, ඒ අසල සිටගෙන සිටි තවත් පුද්ගලයෙකු ද මිය ගියේය. සඳුදා අගනුවර මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ රුසියානු ජෙනරාල්වරයෙකු මිය ගිය ස්ථානයට ආසන්නයේ මෙම පිපිරීම සිදුවිය. මෝටර් රථයක් යට අටවා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරීමෙන් පසු ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් මිය…
දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද, අත්අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බවයි පැවසෙන්නේ. එසේම, එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් 05 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්තවික්‍රමසේකරගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකට අදාළව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
හටගෙන ඇති ගැටුම් අවසන් කිරීම සඳහා සාකච්ඡා වලට සහභාගීවීමට තායිලන්තය හා කාම්බෝජය එකඟතාව පළකර තිබෙනවා. තායිලන්තය හා කාම්බෝජය අතර නැවත වරක් හටගත් ගැටුම් සමතයකට පත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයින් එළඹෙන සතියේදී සාකච්ඡාවක් සඳහා එකඟතාව පළකළා. ඒ අනුව නැවත වරක් ගැටුම් ආරම්භවීමෙන් පසු පළමුවරට දෙපාර්ශ්වයේ නියෝජිතයින් මැලේසියාවේදී හමුවනු ඇති. මේ වනවිට දෙපාර්ශ්වය අතර ගැටුම හටගෙන සති තුනක පමණ කාලයක් ගතව තිබෙනවා. පසුගිය ජුලි මාසයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පළමුවරට සටන් විරාමයකට අත්සන් තැබුණු අතර මෙම මාසය මුලදී එය බිඳදමමින් යළිත් වරක් ගැටුම් හටගත්තා. ගැටුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා එල්ලකරනවා. ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට…
රුසියාව, යුක්‍රේනයේ ප්‍රධාන ඔඩෙසා කලාපයට ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ප්‍රහාර හේතුවෙන් එම කලාපයේ විශාල විදුලි කප්පාදුවක් සිදුව ඇති අතර කලාපයේ සමුද්‍රීය යටිතල පහසුකම්වලට ද තර්ජනයක් එල්ල වී ඇත. පසුගිය සතියේ, රුසියාව විසින් ඔඩෙසා හි නැගෙනහිරින් පිහිටි පිව්ඩෙනි වරායට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇත. යුක්‍රේනයේ තුන්වන විශාලතම නගරය වන මෙම ඔඩෙසා නගරයට ප්‍රහාර එල්ල කිරීම එරට ආර්ථිකයට බලපෑමක් බව එරට නිලධාරීන් පවසයි.
