Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ. ආපදා සහනාධාර බෙදීමේ කටයුතු වලදී සිය රාජකාරියට බාධා කරමින් පුද්ගලයින් පිරිසක් පහරදීම හේතුවෙන් මෙලෙස රාජ්‍ය නිලධාරීන් අදාළ කටයුතු වලින් ඉවත්වී ඇති බව සඳහන් වෙයි. අදාළ නිලධාරීන්ට ආරක්ෂාව ලබා දෙන තුරු යළිත් ආපදා සහනාධාර බෙදාදීමේ කටයුතු සදහා සහභාගි නොවන බවට එම නිලධාරීන් තීරණය කර ඇති බව ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරයි. ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නන්දන රණසිංහ මහතා, “කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව ආධාර බෙදීමේ කටයුත්තේ නිරත වෙලා හිටිය ග්‍රාම නිලධාරීන් පස් දෙනෙකුට පහර දීලා තියෙනවා. තවත් හතර දෙනෙක්ට බැන…
මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ ‘ඉදුරංගි 1’ යන බහුධින ධිවර යාත්‍රාව වන අතර එහි ධීවරයින් 5දෙනෙකු සිට ඇති බව වාර්තා වේ. අදාළ යාත්‍රාව පසුගිය නොවැම්බර් 21 වනදා සිට මෙසේ අතුරුදන්ව ඇති බව ධීවර යාත්‍රාවෙි සිටි ධීවරයන් පස් දෙනාගේ ඥාතින් පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ 6වනදා අවසන්වරට ඔවුන්ගෙන් ඇමතුමක් ලැබුණු අතර එදින සිට මේ වනතෙක් තොරතුරක් ලැබී නොමැති බවය.
දෙමව්පියන්ගෙන් අයිතිවාසිකම් උදුරාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරගෙන යන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඊයේ හංවැල්ල පහත්ගම අප ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ . “අද සමාජය තුළ විවාහ ජීවිතය කඩාකප්පල් කරන නොයෙකුත් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක දෙයක් තමයි මේ ළඟදී අපේ සමාජයේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ඒ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඨමාලාවේ මොනවද මේ දරුවන්ට කරන්නේ කියලා. අවුරුදු හයක වයසේ දරුවන්ගෙන් පටන් අරගෙන, වැඩිමල් වියට යනකම්ම දරුවන්ට මෙන්න මේ ලිංගික අධ්‍යාපනය තුළින් විවිධාකාර විෂමතා උගන්වන, ඒවා කරන්නට පුළුවන්, ඒවා හොඳයි, ඒවායින් වරදක්…
අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඊයේ (20) ජලය පිරී තිබූ වලකට වැටී දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අරලගංවිල පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 02 ක් වූ කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මෙරට තුල ආන්දෝලනයට තුඩුදුන් ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතයෙන් පසු මරණ දෙකක් වාර්තාවීම මෙන්ම, එම ඖෂධයට සම්බන්ධ සංකූලතා තක්සේරු කිරීම ද කමිටුව විසින් සිදු කරනු ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කර සිටියේ. මේ වන විට රට පුරා පුද්ගලයින් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔන්ඩන්සෙට්‍රෝන් භාවිතා කර ඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසනවා. ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛයාව අතුරින් ආපදාවට පත්වූ නිවාස 642,375 න් 469,457ක් ලෙස ගණනය වී ඇති බවත්, මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513කට මේ වන විටත් ගෙවා අවසන් කළ බවයි ඒ මහතා පවසන්නේ. කඩිනම් සහන සඳහා රජය විසින් රුපියල් මිලිය 4,197ක් වියදම් කර ඇති බවත්, මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙමින් පවතින අතර,…
සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස වමත් වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් න්ගාරවා පත්කර තිබෙනවා. ඒ පසුගියා දා එම තනතුරෙන් ඉවත් වූ ක්‍රේග් අර්වයින් වෙනුවටයි. 27 හැවිරිදි න්ගාරවා 2017 දී ජ්‍යාත්‍යන්තර වරම් දිනාගත් අතර සිම්බාබ්වේ වෙනුවෙන් මේ වන විට ටෙස්ට් තරග 11 ක් සහ එක්දින සහ විස්සයි විස්ස තරග තරග 145 ක් ක්‍රීඩා කර තිබෙනවා.
පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුම්රා බිබී දූෂණ නඩුවකට අදාළව වරදකරුවන්ව සිටින අතර ඒ අනුව ඔවුන්ට පාකිස්ථාන අධිකරණයක් මඟින් වසර 17 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 2021 වසරේදී සවුදි රජයෙන් එවකට අගමැතිවරයා වූ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වෙත ලැබුණු මිල අධික ඔරලෝසු, දියමන්ති සහ රත්තරන් ආභරණ කට්ටල ආදී වටිනා රාජ්‍ය ත්‍යාග, රජයේ ත්‍යාග ගබඩාව හෙවත් ‘තෝෂාඛානා’ වෙත බැර නොකර පෞද්ගලිකව අලෙවි කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව පාකිස්ථාන දණ්ඩ නීති සංග්‍රහයේ 409 වගන්තිය අනුව විශ්වාසය කඩ කිරීම සහ දූෂණ වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට වසර 17ක සිර දඬුවම් නියම වුණා.
මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විවිධ අයි.පී. අංක 57කින් එම පද්ධතියට ඇතුළුවී ඇති අතර එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත. මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේදී අවස්ථා රැසකදී මහ පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එවැනි පසුබිමක පසුගිය කාලයේදී අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්…
ආපදාවෙන් හානි සිදු වූ කර්මාන්ත සදහා ණය සහන ලබාගැනීමේදී කර්මාන්තකරුවන් දැඩි අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ . මුදල් ලබාගැනීමට පමණක් සීමාවීමෙන් කර්මාන්ත නගා සිටුවිය හැකි යන ආකල්පය තුළින් ගැටලු ඇති විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ආපදාවෙන් පීඩාවට පත්මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා යළි නැගිටුමු මැයෙන් නුවර පැවති වැඩසටහනකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
