Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තමන්ගේ අදහස් දැක්වීමේදී බොරු තර්ක කිහිපයක් මේ සභාවට ඉදිරිපත් කරලා සභාව වගේම රටත් නොමඟ යැවීමට කටයුතු කළ බව අවස්ථාවන් පෙණුන බව මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(19)පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 456ක් වෙන් කළ මුදලින් පුනරාවර්තන වියදම සඳහා බිලියන 52.5ක මුදලක්ද, ප්‍රාග්ධන වියදම සඳහා බිලියන 403ක්ද වෙන් කර ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් අයවැයෙන් වෙන් කරලා තියන මුදලින් 13%ක් ප්‍රාග්ධන වියදම ලෙස වෙන් කර ඇති බව පැවසූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා වෙන් කළ මුදල බිලියන 257ක්.…
මාලිමා ආණ්ඩුව කියපු දේ කරපු රජයක් බව වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ අද(19) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් වසන්ත සමරසිංහ මහතා පවසයි. මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දැවන්ත කාර්යභාරයක් ඉටු කරපු රජයක් වගේම මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මැඳිහත් වුණ රජයක් බවත්, රාජ්‍ය සේවකයාගේ අයිතිවාසිකම් වගේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, විශ්‍රාමිකයාගේ අයිතිවාසිකම්, රාජ්‍ය සේවයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රජයක් බවත් වෙච්ච පොරොන්දු ඉටු කළ රජයක් ලෙසත් මාලිමා ආණ්ඩුව කියපු දේ කරපු රජයක් ලෙසත් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසුවේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මාලිමාආණ්ඩුව #වසන්තසමරසිංහ #අයවැය #ජනතාඅයිතිවාසිකම් #රාජ්‍යසේවා #කාර්යභාරය #අයිතිවාසිකම් #රජය #පොරොන්දු…
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු නවක වධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිඛෙනවා. සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවක වධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, එහි ලේකම් නීතිඥ චතුර ගල්කේන…
ඊයේ රාත්‍රියේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය (අංක 1046-රාත්‍රී තැපැල් දුම්රිය) පීලි පැනීමක් සිදුවී ඇත. මේ හේතුවෙන් ඉහළ මාර්ගයේ දුම්රිය සේවය දැනට නානුඔය දුම්රිය ස්තානය දක්වා පමණක් ක්‍රියාත්මක වේ. දුම්රිය කාර්‍ය මණ්ඩල හා පීලිගතකිරීමේ කණ්ඩායම් දැනටමත් එම ස්ථානයට පැමිණ ඇත. පීලිගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සිදුවෙමින් පවතී. . newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical#CeylonRails #SriLankanRailway ScenicTrainRide
පාර්ලිමේන්තුව අද (19) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිව්වන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාර්ලිමේන්තුව #අයවැය #කාරකසභාව #රාජ්‍යපරිපාලන #පළාත්සභා #පළාත්පාලන #කම්කරුඅමාත්‍යාංශය #වැයශීර්ෂ #විවාදය #ශ්‍රීලංකා
ජනතාව විසින් ඡන්දය ලබා දුන්නේ ජාතික ජන බලවේගයට නොවන බවත්, එම අවස්ථාවේ පැවති දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බවට ජනතාව සිතුව නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර පවසනවා. අද, සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන්, සර්ව ජන බලවේගයේ සභිකයා රවටා ඔහුගේ සහාය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, එය ‘තුච්ඡ’ ක‍්‍රියාවක් බවත් අද (18) අයවැය විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළා. කුමන බාධක පැමිණියද, ලැබෙන පළමු අවස්ථාවේදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ‘ගෙදර යැවීමට’ කටයුතු කරන බවත්, ඒ සඳහා කුමන කැපකිරීමක් හෝ සිදු කිරීමට තමන් සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews…
රටේ බලශක්ති අර්බුධයකට අපි මුහුණ දුන්නා. ඒ අනුව ජාතික ආරක්ෂාව කඩන් වැටුණු බවත් අද (18) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. රිලවෙක් පැන්නම වඳුරෙක් පැන්නම රටේ විදුලිය කැපෙනවනම් බලශක්ති සුරක්ෂිතතාව ගැන ගැටළුවක් තියන බවත්. අද බලශක්ති, සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව ගැටලුද ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි. නාවික හමුදාව තවදුරත් ශක්තිමත් කළ යුතු බවත් පවසයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බලශක්තිඅර්බුධය #ජාතිකආරක්ෂාව #මන්ත්‍රීනාමල්රාජපක්ෂ #විදුලිය #බලශක්තිසුරක්ෂිතතාව #සෞඛ්‍යසුරක්ෂිතතාව #ආහාරසුරක්ෂිතතාව #නාවිකහමුදාව #ශ්‍රීලංකා #පාර්ලිමේන්තුව
ඉල්මහ විරු සමරුවේදී මේ රටේ දෙපාරක් යුද්ධ කළ සෙබළු මරපු ඉල් මහ විරුවෝ මහ විරුවො බවට පත් වී තිබෙන බව මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉල් මහ විරුවෝ, විරුවෝ වුණ බවත් රණවිරුවෝ සෙබළු වී ඇති බවත් පවසයි. රටම විනාශ කළ, බෙලි කැපු අය මහ විරුවෝ වී ඇති බවත් අපේ විරුවෝ සෙබළා බවට පත්ව ඇති බවත් පවසයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ඉල්මහවිරු #සමරුව #රටේවිරුවෝ #මහවිරුවෝ #රණවිරුවෝ #සෙබළු #පාර්ලිමේන්තුව #නලින්බණ්ඩාර #විනාශකාරී #අපේවිරුවෝ
පාර්ලිමේන්තුව අද (18) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද තෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාර්ලිමේන්තුව #අයවැය #කාරකසභාව #විවාදය #ආරක්ෂකඅමාත්‍යාංශය #මහජනආරක්ෂාව #පාර්ලිමේන්තුකටයුතු #වැයශීර්ෂ #දෙසැම්බර් #ශ්‍රීලංකා
බැංකු අය කරන පොලි සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට නොහැකි බව මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් අසාධාරණ ලෙස පොලී අනුපාත අය කරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත් වීමේ හැකියාව පවතින බවද මහ බැංකුව පවසයි. බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමත් කරයි. එවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1935 ක්ෂණික දුරකථන අංකයට දැනුම්දිය හැකි බව ද නිවේදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මහබැංකුව #පොලීඅනුපාත #බැංකුඅය #පාරිභෝගිකආරක්ෂණ #අසාධාරණපොලී #ශ්‍රීලංකා #මූල්‍යආයතන #පැමිණිලි #පොලිසම්බන්ධය #නියෝග
