Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේදී අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුව ගොනු කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ…
නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත “මහා ජන හඩ” රැලිය වෙනුවෙන් සහය පල කරමින් විපක්ෂයේ සියලුම නිල තරුණ සංවිධාන අද දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී සියලුම තරුණ සංවිධාන එකමුතුව, රජය පොරොන්දු වූ තරුණ ඉල්ලීම් ආණ්ඩුවට ලබා දීමට බල කිරීමට මෙම රැලියට සහය ලබා දෙන බව වැඩිදුරටත් සදහන් කලා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SLPP #SocialDemocracy #NamalRajapaksa #dilrukrambukkanage #KalutaraDistrict #YouthLeadership
ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) වැඩියෙන් ආකර්ෂණය කරගත හැකි ආකාරය සහ ගෝලීය ආයෝජකයන් සඳහා තරගකාරී ගමනාන්තයක් ලෙස නැවත ස්ථානගත විය හැකි ආකාරය පිළිබඳව පළපුරුදු ව්‍යාපාරිකයකු සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ තානාපති වී. කනනාදන් ‘මව්බිම’ සමඟ දැක් වූ අදහස්. ඔබ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ඒ වගේම ආයෝජකයෙක්. ආයෝජක දෘෂ්ටි කෝණයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය දකින්නේ කොහොමද? ශ්‍රී ලංකාව දැන් සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක. දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පස්සේ අපිට දැන් රටේ ස්ථාවරත්වයක් දකිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතියක් දැකිය හැකියි. උද්ධමනය ලිහිල් වී, විශ්වාසය ක්‍රමයෙන් නැවත ගොඩනැඟෙමින් පවතිනවා. එහෙත් විදේශීය ආයෝජකයන් තවමත් සිටින්නේ යම් ප්‍රවේසම් සහගත බැල්මකින්. ඔවුන්ට අවශ්‍ය ස්ථාවරත්වය, පුරෝකථනය…
බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මඟින් මරණ දඬුවම නියම කර තිඛෙනවා. වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබා දීම වැනි වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බංග්ලාදේශය #ෂෙයික්හසීනා #ජාත්‍යන්තරඅපරාධ #මරණදඬුවම #සිවිල්වැසියන් #ඩ්‍රෝන #හෙලිකොප්ටර් #මර්දනකාරීපියවර #2024විරෝධතා #අපරාධය
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය නැවතත් කුමාර් සංගක්කාරට හිමි වී තිබෙනවා. 2021 – 2024 අතර කාලය තුළදී ද කුමාර් සංගක්කාර එම තනතුරේ සේවය කළ නමුත්, පසුගිය වසරේ IPL 2025 හිදී රාහුල් ඩ්‍රාවිඩ් පුහුණුකරු ලෙස පත් කරමින්, කුමාර් සංගක්කාර Rajasthan Royals ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරට පත් කර තිබුණා. මේ සමග Rajasthan Royals පුහුණු කාර්ය මණ්ඩලයේ තවත් වෙනස්කම් කිහිපයක් ද සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #RajasthanRoyals #KumarSangakkara #IPL2025 #CricketCoaching #IndianPremierLeague #RRUpdates #CricketNews #SportsLeadership #IPL2023 #CricketCommunity
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර, බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති බවත්, එහිදී දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවයි සඳහන් වන්නේ. මිය ගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ දරුවන් වන අතර, ඔවුන්ගේ මෘත දේහයන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සෞදිඅරාබිය #මක්කම #අනතුර #ඉන්දීයපිරිස #බස්රථය #ගිනිගැටීම #ජීවිතය #අවාසනාවන්ත #කාන්තාවන් #දරුවන්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇප මත මුදාහැර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකාර හිටපු සභාපතිවරයා අද (17) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඔහුව මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනම් කෙරුණා. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අල්ලස් කොමිසම විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුනේ නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ බඳවාගැනීමක් සම්බන්ධයෙන් වන චෝදනාවක් යටතේයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අල්ලස්කොමිසම #අධිකරණය #අත්අඩංගුව #භූවිද්‍යා #පතල්කැණීම් #අනුරවල්පොල #ශරිරඇප #විදෙස්ගමන් #නීත්‍යානුකූල #චෝදනා
පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පවන් රත්නායක සංචිතයට ඇතුළත් කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කර සිටී. කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අසනීප වීම හේතුවෙන් මෙසේ ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාකිස්තානය #තුන්කොන්විස්සයි20 #ක්‍රිකට් #පවන්රත්නායක #ක්‍රීඩකයින් #අසනීප #ක්‍රිකට්ආරංචි #තරගාවලිය #ක්‍රීඩාසංචිතය #ශ්‍රීලංකා
නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැකි ඉක්මනින් මහජන මතය විමසීම සඳහා යොමු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සිංහල හා දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් තිඛෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #නවත‍්‍රස්තවාදය #වැළැක්වීමේපනත #මහජනමතය #අධිකරණඅමාත්‍ය #හර්ෂණනානායක්කාර #අයවැයකාරකසභාව #සිංහල #දෙමළ #පරිවර්තනය #ශ්‍රීලංකා
පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීම්වලදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසනවා. දැනටමත් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි එම පක්ෂය සඳහන් කරන්නේ. මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඇති අතර, ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ශ්‍රීලංකා #නිදහස්පක්ෂය #ජාතිකජනබලවේගය #අයවැය #පාලනආයතන #සභිකයින් #විනය #පක්ෂසාමාජිකත්වය #දේශපාලන #ශ්‍රීලංකාපොළොන්නරුව
