Author: Samudra Maduwnthi

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ හට ”මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමා තිබෙනවා. රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් සහිත සම්මානයක් වන මෙය ඊයේ (04) පිරිනමනු ලැබුවේ එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින්. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා. 2025 වසරේදී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයාද වන්නේ ඔහුයි. මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය සමන් වීරසිංහ, අවස්ථා කිහිපයකදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු මේ වන විට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම්වරයා…

Read More

ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 9 ක්, පතොරම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත. සැකකරු 43 හැවිරිදි වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මුල්ලේරියාව #අයිස්මත්ද්‍රව්‍ය #ගිනිඅවිය #පොලීසිය #අත්අඩංගුව #බස්නාහිරපළාත #අපරාධකොට්ඨාසය #නිලධාරීන් #පිස්තෝල #සැකකරු

Read More

මුහුදේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින් පිරිසකට අද (05) හැකියාව ලැබී තිබෙනවා. කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම මත්ද්‍රව්‍ය, පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති අතර, සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 759ක් වනවා. මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබෙනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මුහුදේ #හෑෂ් #මත්ද්‍රව්‍ය…

Read More

2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කර ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වේ. නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ද මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. භාගී වන තරගාවලිය පැවැත්වෙන්නේ කටාර්හි සත්කාරකත්වයෙන් ය. තරගාවලිය නොවැම්බර් 14වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaCricket #AsianCup2025 #DunithWellalage #YouthCricket #EmergingStars #CricketSquad #Qatar2025…

Read More

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බවය. කල්මේගි සුළි කුණාටුවත් සමඟ ඇතිවූ වර්ෂාපතන හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්ය. එහිදී තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී තිබේ. මේ අතර සහන කටයුතු සඳහා සහාය වීම යොදා තිබූ හමුදා හෙලිකොප්ටර් යානයක් මින්ඩනාඕ දූපතට කඩා වැටීමෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙක මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කල්මේගි #සුළිකුණාටුව #මධ්‍යමපිලිපීනය #අපතේකාලගුණය #සහනකටයුතු #ජලගැලීම් #අතුරුදහන් #පැවැත්ම #සමාජසහය #විදෙස්_වාර්තා

Read More

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ශෝන් විලියම්ස්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තව දුරටත් දීර්ඝ නොකිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මෙයට හේතුව ලෙස සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය දක්වා ඇත. පසුගිය මස පැවැති හරාරේ හි පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි විස්ස ලෝක කුසලාන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගයකට පෙර දින විලියම්ස් ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ අතර, වාර්තාවලට අනුව ඔහු එහිදී මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් වැළකී සිට ඇත. ඒ හේතුවෙන් ඔහුව ඉක්මනින්ම පුනරුත්ථාපනය සඳහා ද යොමු කොට තිබේ. සියලුම ගිවිසුම්ගත ක්‍රීඩකයන් වෘත්තීයභාවය, විනය සහ කණ්ඩායම් ප්‍රොටෝකෝල සහ මත්ද්‍රව්‍ය විරෝධී රෙගුලාසිවලට අනුකූල වීම පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනු ඇති බව…

Read More

උතුරු ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඇෆ්ගනිස්තානයේ තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සමග දුරකථන සාකච්ඡාවක් සිදුකර තිබේ. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා භු කම්පනයෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයට ශෝකය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දියාව දැනටමත් පීඩාවට පත් ඇෆ්ගන් ප්‍රජාවන්ට සහන ද්‍රව්‍ය යොමු කර ඇති බවය. තවත් ඖෂධ සැපයුම් ප්‍රමාණයක් කඩිනමින් ඇෆ්ගනිස්තානය වෙත යොමු කරන බවද ඔහු තහවුරු කර ඇත. ඇෆ්ගනිස්තානයේ මසාර්-ඊ ෂරීෆ් නගරය අසල කිලෝමීටර් 28ක් ගැඹුරින් සිදුවූ 6.3ක ප්‍රබල කම්පනය බෝල්ක්, සමන්ගන් සහ බග්ලාන් පළාත්වලට බලපෑවේය. ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කළේ අවම…

Read More

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බවය. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ, United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #LouisvilleAirport #KentuckyNews #PlaneCrash #UPSFlight #MD11F #AviationAccident #BreakingNews #SafetyFirst #EmergencyResponse #InternationalNews

Read More

නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන ‘මහා ජන හඬ’ රැළිය සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවූවද, ඒ සඳහා තම පක්ෂයේ ආශිර්වාදය ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා. එසේ නමුත් සමගි ජන බලවේගය එම රැළිය සඳහා පක්ෂයක් ලෙස සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. සමගි ජන බලවේගයේ යම් යම් පාර්ශ්ව ස්වාධීනව එම රැළිය සඳහා සහභාගී වනු ඇති බවත්, එසේ නොමැතිව සමගි ජන බලවේගයට මෙම රැළිය වෙතවිරෝධතාවක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #MahajanaHanda #SamagiJanabalavegaya #TusharaIndunil #PoliticalParticipation…

Read More

සමුද්‍රීය ආරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතියක් ජපාන රජයේ මූල්‍යමය හා තාක්ෂණික සහාය සහ ජපාන වෙරළාරක්ෂක බලකායේ විශේෂඥ සහාය යටතේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ‘ඉන්දු – පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සහ සාගර නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම යන ව්‍යාපෘතිය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ‘Congnyte SI2’ චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතිය ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම, මැඩපැවැත්වීම සහ එම ක්‍රියාකාරකම්වලට බාධා කිරීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක…

Read More