Author: Samudra Maduwnthi

ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ප්‍රකාශ කළහ. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී…

Read More

ශ්‍රී ලංකාව තරඟකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස තහවුරු කිරීම සඳහා විනිවිධභාවය සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කර ජාතික තීරු බදු ප්‍රතිපත්තිය 2024.06.11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන තිබෙනවා. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව 2025.05.15 දින ස්ථාපිත කරනු ලැබුවා. පසුව සිදු කරනු ලද රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන් අනුව උදාහරණයක් ලෙස 2024 දෙසැම්බර් 31 දිනෙන් ඔබ්බට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ අඛණ්ඩව පවත්වාගෙන යාම ආදී ඇතැම් බදු නීතී සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා අවිනිශ්චිතතාවයන් මඟ හැරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ඇතැම් විධි විධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ජාතික තීරු බදු ප්‍රතිපත්ති…

Read More

මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ එම දැනුම් දීම බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර ඵ් අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ. දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක්…

Read More

BYD වාහන රේගුවෙන් මුදා හැරීමේ ප්‍රමාදයට විසඳුම් ඉල්ලා අද(04) කොළඹදී විරෝධතාවක් පැවැත්විණි. ඒ කොළඹ පිහිටි BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදීය. එහිදී විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකා රේගුව විසින් BYD වාහන රඳවා තබා ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එම වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමට බාධා මතුව ඇති බවය. එම නිසා ශ්‍රී ලංකා රේගුව ඇතුළු වගකිව යුතු පාර්ශව මැදිහත්ව කඩිනමින් ඊට විසඳුම් ලබා දිය යුතු බවත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම විය. මීට මාස කිහිපයකට පෙර මෙරටට ආනයනය කළ BYD වාහන රඳවා තබා ගෙන පරීක්ෂා කිරීමට රේගුව කටයුතු කළ අතර ඒ මෙතෙක් අනුගමනය කළ නිල ක්‍රියා පටිපාටියට අනුව වාහනයේ නිෂ්පාදකයාගේ සහතිකය පිළිනොගන්නා බව පවසමිනි. කෙසේ…

Read More

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (ClI) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමු වී තිඛෙනවා. එහි දී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කතිකාවතක් ගොඩ නැංවීමට හැකි වූ බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ. වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක‍්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට මෙහිදී යෝජනා කළ අතර, ඉන්දීය කර්මාන්ත සඳහා කැප වූ ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට ද මෙහිදී යෝජනා කර තිබෙනවා. එසේම, පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක…

Read More

පේරු රාජ්‍යය විසින් මෙක්සිකෝව සමඟ තිබූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දමා තිබෙනවා. ඊට හේතුව ලෙස පේරු රජය චෝදනා කරන්නේ, 2022 වසරේ සිදුවූ බව කියන කුමන්ත්‍රණ උත්සාහයකට අදාළව නඩු විභාගයකට මුහුණ දෙන හිටපු පේරු අග්‍රාමාත්‍යවරියකට මෙක්සිකෝව සරණාගතභාවය ලබා දීමයි. මෙම නිවේදනය ඊයේ දිනයේ නිකුත් කරන ලද්දේ හිටපු අග්‍රාමාත්‍ය බෙට්සි චාවේස් විසින්. හිටපු ජනාධිපති පෙඩ්රෝ කැස්ටිලෝ ධුර කාලයේ දී සේවය කළ ඇය මෙම නිවේදනය කර ඇත්තේ පේරුහි පිහිටි මෙක්සිකෝ තානාපති නිල නිවාසයට පලා ගොස් පැය කිහිපයකට පසුවයි. විදේශ කටයුතු අමාත්‍ය හියුගෝ ද සේලා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්, “හිටපු ජනාධිපති පෙඩ්රෝ කැස්ටිලෝගේ කුමන්ත්‍රණ උත්සාහයට සම්බන්ධ යැයි කියනු ලබන බෙට්සි චාවේස්ට පේරුහි මෙක්සිකෝ තානාපති නිල…

Read More

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) පෙරවරුවේ දී ඒකක 23,000 සීමාව ඉක්මවීමට සමත් වී තිඛෙනවා. ඒ අනුව, දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙසයි සඳහන් වන්නේ. අද පෙරවරු 09.38 ට පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,001.27 ක් ලෙසින් සටහන් වී තිබුණා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කොළඹ #කොටස්වෙළඳපොළ #මිලදර්ශකය #සියලුකොටස් #ඉතිහාසය #දෛනිකගනුදෙනු #සීමාව #පෙරවරුව #නවතමතොරතුරු #ශ්‍රීලංකා

Read More

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන GovPay හරහා ඊයේ දිනය වන විට රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේ. බදු, දඩ ඇතුළු රජයට අදාළ විවිධ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදුකිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන් අතර ඊයේ වනවිට මෙමගින් ගනුදෙනු 40,920ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසුකිරීම අරමුණ වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ…

Read More

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද (4 වැනිදා) සිට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා රටවල් 4ක් සහභාගි වීමට නියමිත අතර, ඒ සඳහා කිරිගිස්ථානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන් කණ්ඩායම් සහභාගි වෙති. තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් අද දින ප.ව. 3.00 ට ආරම්භ කෙරෙන අතර අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල 9 වැනිදා පස්වරු 4.00 ට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සීදුව දවිසමර විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් නේවාසිකව පුහුණුවීම්…

Read More

නේපාලයේ හිමාල කඳුවැටියේ යාලුන්ග් රායි කන්ද තරණය කිරීමට පැමිණි පිරිසක් අනතුරකට ලක්ව තිබේ. ඔවුන් රැදී සිටි කඳවුරු ආශ්‍රිත කොටස නාය යෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන් ප්‍රංශ සහ නේපාල ජාතික පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇති අතර ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #නේපාල #හිමාලය #කන්ද #අනතුර #යාලුන්ග්රායි #කඳවුරු #විදෙස්මාධ්‍ය #ජාතිකයන් #සහයෝගය #සුරක්ෂිතතාව

Read More