Author: Samudra Maduwnthi

කෙන්යාවේ වෙරළබඩ කලාපයක් වන ක්වාලේ හිදී කුඩා ගුවන් යානයක් අද උදෑසන කඩාවැටීමෙන්, එහි ගමන් කළ පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ගුවන් යානයේ කිසිවකු දිවිගලවාගෙන නැති බව එහි සඳහන්. මෙම සෙස්නා කැරවන් වර්ගයේ ගුවන් යානය, ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මසායි මාරා රක්ෂිතය වෙත ගමන් කරමින් තිබුණා.මෙම අනතුර සිදුව ඇත්තේ ඩියානි ගුවන් පථයේ සිට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පමණ දුරින් පිහිටි කඳුකර සහ වනාන්තර ප්‍රදේශයකදීයි. ගුවන් යානය ගුවන්ගතවී මිනිත්තු කිහිපයකට පසු කඩාවැටී ඇති අතර, එය ගිනිගෙන පුපුරා යාම හේතුවෙන් එම ස්ථානයේ පිළිස්සුණු සුන්බුන් පමණක් ඉතිරි වී තිබෙනවා. අනතුරට පෙර විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණු බව අසල්වාසීන් පවසා ඇති අතර, අනතුර…

Read More

නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ අද (28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය. මේජර් ජෙනරල් නියංගොඩ මහතා ඊයේ (27) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් වසර 35කට අධික සුවිශේෂී සේවාවක් සිදු කළ මේජර් ජෙනරල් නියංගොඩ, පරිපුර්ණ හා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #නවජාතිකබුද්ධි #මේජර්ජෙනරල්නියංගොඩ #ශ්‍රීලංකා #ආරක්‍ෂකඅමාත්‍යාංශය #නායකත්වය #හමුදාසේවය #ශ්‍රීජයවර්ධනපුර #පත්වීම් #ජාතිකආරක්ෂාව

Read More

ඉන්දියාවෙන් රු.මි. 2371.83ක ප්‍රදානයක් ලැබුණ බවත් ඉදිරියේදී නැගෙනහිර පළාතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසුවා. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ, පසුගිය ඉන්දියානු සංචාරයේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹුණ බවත්, එක් අවබෝධතා ගිවිසුමක් ලෙස නැගෙනහිර පළාත තුළ ආංශික ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන්න ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලබා ගැනීමත් ය. නැගෙනහිර පළාතේ අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර විවිධ ක්ෂේත්‍ර සඳහා ව්‍යාපෘති ගණනාවක් කරන්න ප්‍රදානය ලැබුණු අතර ව්‍යාපෘති 33ක් තිබෙන බවත්, රුපියල් මිලියන 2371.83ක ඉන්දියානු ප්‍රදානයක් ඒ සඳහා ලැබී ඇත. නැගෙනහිර පළාතේ ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන බවත් වසර 3කදී මෙය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බවත් පවසා සිටියි. තවද එහි…

Read More

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 23.73 කින් (0.10%) පහළ වැටී 22,788.79 කින් අවසන් වුණා. මේ අනූව වාර්තා වන පිරිවැටුම රුපියල් බිලියන 5.8ක්. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කොළඹ #කොටස්වෙළෙඳපොල #මිලදර්ශක #පහළවැටීම #පිරිවැටුම #බිලියන5.8 #ආර්ථිකය

Read More

ගාල්ල බද්දේගම මහලියනගේවත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළ වැටී මියගොස් සිටි 48 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇතැයි බද්දේගෙම පොලීසිය පවසනවා. මෙම කාන්තාව යටි කය නිරුවත්ව වැටී සිටි බවත් මළ සිරුර තිබූ ස්ථානයේ විශාල වශයෙන් පොළව මත රුධිරය එක්රැස්වී කැටි ගැසී වියළි තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මෙම කාන්තාව එම නිවෙසේ තනිව වාසය කර ඇති අයකු බවත්, ලද තොරතුරකට අනුව මළ සිරුර ඊයේ (28) පස්වරුවේ හමුවූ බවත් පොලිසිය පවසනවා. මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කෙරෙන අතර මෙම අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) සිදු කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ…

Read More

“අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කර තිබේ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ. මේ පිළිබඳ අදහස් පළවුයේ “අස්වැසුම වැඩසටහන” පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ…

Read More

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) කෘෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබේ. රුසියාව මෙම අති නවීන මිසයිලය අත්හදා බලා ඇත්තේ පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුවය. එම න්‍යෂ්ටික අවි අභ්‍යාසය වගේම මෙම නව මිසයිල අත්හදා බැලීම තුළින් රුසියාව, බටහිර පණිවුඩයක් ලබාදෙන බව විචාරකයන්ගේ අදහස වී ඇත. රුසියාවේ ඉහළම හමුදා සෙන්පතියා වන වැලරි ගෙරාසිමොෆ් මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බව ජනපති පුටින්ට වාර්තා කර තිබුණි. ඔහු සඳහන් කළ ආකාරයට මෙම කෘෘස් මිසයිලය පැය 15ක් තිස්සේ ගුවන්ගතව කිලෝමීටර් 14,000ක් දුර ගමන් කර ඇත. මිසයිල අත්හදා බැලීම සිදුව ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදා වුවත්, එය…

Read More

ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් සහ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වේ. සමුද්‍ර කලාපයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඊයේ(26) සිට දෙසැම්බර් දක්වා සේවාව නවතා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 26 සිට 28 දක්වා නියමිතව තිබූ මගී ප්‍රවාහන ගමන් අවලංගු කරන බව සේවා සපයන්නා විසින් නිවේදනය කර තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #තමිල්නාඩු #නාගපට්නම් #කන්කසන්තුරේ #මගීප්‍රවාහන #බෝට්ටුසේවාව #ඉන්දියාව #සංචාරකයා #ප්‍රවාහනඅත්හිටුවීම

Read More

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, “දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා විදේශගත ඔබට ඡන්දය ලබාදීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කරන්න. විදේශ ගත ඔබ සියලු දෙනාට දායක විශ්‍රාම වැටුප්…

Read More

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. ඊයේ (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත් විය. ඔහු ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසි කිරීමෙන්ය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLanka #RameshTharanga #SouthAsianGames #Athletics #JavelinThrow #GoldMedal #SportsAchievement #Ranchi2023 #ProudMoment

Read More