Author: Bandara Senanayaka

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (26) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද සිට මෙම සේවාවන් මාර්ගගතව සිදුකෙරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම් පියතිස්ස මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

Read More

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය. ඒ අනුව නොවැම්බර් මාසය වන විට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවත් එහිදී ඔහු පැවසීය. කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය. රේගු…

Read More

යුක්‍රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව තිබේ. ඒ අමරෙිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේදීය. විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ නිවාඩු සති අන්තය හේතුවෙන් ට්‍රම්ප් සිය ජනාධිපති රාජකාරි කටයුතු සඳහා විරාමයක් ලබා දී ඇති බැවින් මෙම මාර්-ඒ-ලාගෝ මන්දිරයේදී මෙම හමුව පැවැති බවය. ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා සිය නියෝජිත පිරිස සමග එම මන්දිරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා හමුව ඇත. ඊට යුක්‍රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්‍රේන හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටෝච් ඇතුලු පිරිසක් සහභාගී වී ඇති බවද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව යුක්‍රේන ජනාධිපතිවරයා…

Read More

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (28) සමත් විය. තරග 5කින් යුත් මෙම තරගාවලියේ තිරුවානන්දපුරම්හිදී ඊයේ (28) පැවැති තරගයේ දී කඩුලු 2කට ලකුණු 221ක් රැස්කරමින් ඔවුන් මෙම කඩඉම පසුකළේය. මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2024 වසරේ දී බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 217/4ක් රැස්කර තිබීමය. ඉන්දීය ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් දුන් ස්ම්‍රිති මන්දනා හා ශෆාලි වර්මා පළමු කඩුල්ලට ලකුණු 162ක් රැස්කළේය. එහිදී මන්දනා පන්දු 48කින් ලකුණු 80ක් රැස්කළ අතර, ශෆාලි වර්මා පන්දු 46කින් ලකුණු 79ක් රැස්කළාය. ඊට අමතරව රිචා ගෝෂ් පන්දු 16කට පමණක්…

Read More

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉහත ප්‍රදේශයන් හී ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. උතුරු පළාතෙත් මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම…

Read More

මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙම මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත.

Read More

දෝහා සිට අද (28) පෙරවරුවේ කටුනායක බලා පැමිණි ගුවන්යානයක් තුළ සැක සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු සිටින බවට ලද තොරතුරක් හේතුවෙන් එම යානය විශේෂ සෝදිසියකට ලක්කර තිබේ. මගීන් 245 දෙනෙකු රැගෙන දෝහා සිට පෙ.ව. 8.27ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි යානයක් සම්බන්ධයෙන් මෙම තොරතුර ලැබී තිබූ බව සඳහන් වේ. එම යානය තුළ කිසියම් පිපිරීමක් සිදු කරගැනීමට සූදාමින් පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවට කටුනායක ගුවන්තොටුපොළේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය පණිවුඩයක් ලැබී තිබූ බව සඳහන්. ඒ අනුව ක්‍රියාත්මක වු ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඒ පිළිබඳ අදාළ යානයේ නියමුවාගෙන් විමසීමක් සිදුකර ඇති අතර, එහිදී එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යානය තුළ නොමැති බවට නියමුවා සඳහන් කර ඇත. කෙසේවෙතත් ගුවන් යානය ගොඩබැස්වීමෙන්…

Read More

“හෙළයේ ගීත කෝකිලාවිය” කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඒ මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට රජය තීරණය කළ බවය. දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණි. වර්ෂ 1934…

Read More

ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචි කිරීමට දෙසැම්බර් 16වනදා දක්වා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී තිබූ කාලය, ජනවාරි 16වනදා තෙක් දීර්ඝ කරන ලෙස සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා සදහන් කළේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂ්ත්‍රයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවය. ව්‍යාපාරික ආයතනවලට සහ රටේ ජනතාවට ස්ථීර වශයෙන් ප්‍රාග්ධන ආයෝජනයක් සහ ණය ලබා ගැනීමේ දී සහන පොලී අනුපාතයක් සමග මෙම ව්‍යාපාර ගොඩ නගා ගැනීමට අවශ්‍ය සහයෝග ලබා දෙන ලෙස ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත. එහිදී අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය…

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා සාර්ථක පල නෙලා ගැනීමට සැබවින්ම අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරු සහ ගුරුවරු සමග ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවක් සිදු කර නම්‍යශීලී ලෙස කටයුතු කළ යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්  නිමල් මුදුන්කොටුව මහතා පවසයි. එසේ සාකච්ඡාවන් සිදු නොකර ජනවාරි 5වනදා සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ජනවාරි 5වනදාට ප්‍රථම මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා අනෙක් පංති 5 තුළ සහ උසස් පෙළ පංති තුළ දැඩි…

Read More