Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් හා ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. ඊයේ දහවල් කාලයේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරික්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් (87162) දිසානායක හා පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත. අනතුරට ලක්ව ඇත්තේ යුක්‍රේන් ජාතික අවුරුදු 42ක් වූ කාන්තාවක් හා ඇගේ අවුරුදු 14ක් වූ පුත්‍රයා වේ.
දේශපාලකයන්ට තමන්ට විරුද්ධ වූ පමණින් මාධ්‍ය තහනම් කිරීමට හෝ මර්දනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කරනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ, දේශපාලනඥයෙකුට තිබෙන හොඳම මගපෙන්වීම ජනමාධ්‍ය බවයි. දේශපාලනය සහ මාධ්‍ය යනු එකිනෙකට වෙන් කළ නොහැකි, පූර්ණකාලීන කාර්යයක් බවත්, මාධ්‍ය නොමැතිව දේශපාලන ගමනක් යා නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. රට තුළ සිදුවන අසාධාරණකම් සහ අයුතුකම් පෙන්වා දෙන්නේ මාධ්‍ය මගින් බවත්, එවැනි අවස්ථාවලදී මාධ්‍ය දේශපාලකයන්ට එරෙහි වීම සාධාරණ බවත්, එවැනි අවස්ථාවකදී මාධ්‍ය තහනම් කිරීම සඳහා දේශපාලකයින්ට අවස්ථාවක් නොමැති බවටත් ඔහු මෙහිදී පැවසුවා. මාධ්‍ය තහනම් කිරීම හෝ සීමා කිරීම වැනි ක්‍රියාවන් සිදු වන්නේ ඒකාධිපති රාජ්‍යයන් තුළ…
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයත් සමග පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියාවේ දකුණු දිග ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. එමෙන්ම, නිවාස පනස්දහසකට පමණ විදුලිය ද විසන්ධි වී තිබෙනවා. මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග එරට ගුවන් ගමන් 1,500කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, 5,400ක් ප්‍රමාද වී ගුවන් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා වැඩි ඡන්ද 03කින් පරාජයට පත්වූ කොළඹ මහනගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය, දෙවැනි වර ඡන්ද විමසීම සඳහා ලබන බදාදා (31දා) ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 18 වැනිදා නගරාධිපතිනි වායි කැලී බල්තසාර් විසින් ඉදිරිපත් කරන ලද මෙම අයවැය ලේඛනය, එදින රාත්‍රී 10.00ට පමණ පැවති ඡන්ද විමසීමේදී පරාජයට පත් විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 60ක් හිමි විය. නීතිමය ප්‍රතිපාදන අනුව පරාජයට පත් වූ අයවැයක් දෙවැනි වරට ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බැවින්, ලබන 31 වැනිදා පෙරවරු 10.00ට යළිත් සභාව රැස්වීමට නියමිතය. එහිදී මෙම අයවැය ලේඛනය සම්මත කරගැනීමට පාලක පක්ෂය සමත් වේද නැතහොත් විපක්ෂය යළිත් එය පරාජය…
ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පවසයි. නගරයේ පිරිසිදුකම හා සුන්දරත්වය සුරැකීමත්, මහජනතාවට අවහිරයකින් තොරව නිදහසේ පදික වේදිකාවල ගමන් කිරීමට ඉඩ සැලසීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය. නාගරික කලාපය තුළ විධිමත් නියාමන රාමුවක් සකස් කරන ලෙස මහජනතාවගෙන් දිගුකාලීනව ලැබුණු ඉල්ලීම් ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. මෙම තහනම නගර මධ්‍යයට පමණක් සීමා නොවී, මුළු මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ. වෙළෙඳුන් ඉල්ලා සිටි තෙමසක සහන කාලය දෙසැම්බර් 31 වනදායින්…
රටතුළ ආපදා තත්ත්වයක් සිදුවුවද මේ මාසය තුළ සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ පසුගිය 25 වැනිදා දක්වා සංචාරකයික් 195,394ක් මෙරටට පැමිණ ඇති බවයි. එමෙන්ම, වසරේ මේ දක්වා කාලය තුළ 2,298,987 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණා.
සීදුව පොලිස් වසමේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ හයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා. එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු , ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ගලයෙකු වන බව පොලිසිය සඳහන් කරනවා. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරුට මීගමුව අධිකරණයේ විභාගවන නඩු දෙකක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.
සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසය. “සාමාන්‍ය ජනතාව මිලදී ගන්න Alto, Wagon R, Yaris, Hustler වැනි 1000cc කාණ්ඩයේ වාහනවල බද්ද අඩුකරලා දෙන්න. සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් වදිනවා. මේක පොඩි වාහනයක්, මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්. හොඳට ඉන්ධන කරන වාහනයක්. හරිනම් මේ වගේ වාහන ජනප්‍රිය කරවන්න ඕන” යැයි පැවසීය. මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද ඔහු පැවසීය. ඒ හේතුවෙන් ආනයනික…
අද (27) උදෑසන නවතම නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බවට එම කාර්යාලයේ ඊ-මේල් ලිපිනයට ඊයේ (26) දින පණිවිඩයක් යොමු කර තිබුණි. ඒ, සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදි. මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු 2025.12.26 වන දින උදෑසන සිට සවස් කාලය වන තුරු ක්‍රියාත්මක කළ අතර එහිදී සැකකටයුතු…
මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ ඉදිරි රග්බි තරග පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රග්බි ආයතනය (Sri Lanka Rugby) විසින් දැඩි කොන්දේසි මාලාවක් පනවා තිබෙනවා. පසුගිය සතියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ CH & FC කණ්ඩායම අතර පැවැති තරගයේදී ඇති වූ විනය විරෝධී සිදුවීම් සැලකිල්ලට ගනිමින් රග්බි ආයතනය මෙම පියවර ගෙන ඇති බවයි එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව, මහනුවර ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරනු ලබන සවිස්තරාත්මක ආරක්ෂක සැලසුමක් තරග කමිටුව විසින් සමාලෝචනය කර නිල වශයෙන් පිළිගැනීමෙන් පසුව පමණක්, නිත්තවෙල ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට අවසර හිමි අතර, තරග නිලධාරීන්, සංචාරක කණ්ඩායම් සහ සියලුම සහභාගිවන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විධිමත් ක්‍රියාවලියක් එම සැලසුමට ඇතුළත් විය යුතු…
