Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 26වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය. එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විය ඇය 91 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය…
වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධි කරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනෙකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත. කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි. අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස්…
නීතිඥවරියකට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ කඩුවෙල නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (27) නියෝග කළා. ඒ මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) අධිකරණය හමුවේ යළ කැඳවූ අවස්ථාවේදි. මෙලෙස ඇප මත මුදා හැරියේ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක ජී. ඩබ්ලිව්. ජයවර්ධන නමැත්තායි.
පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය. එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත…
අම්පාර පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියමයෙන්. පදියතලාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් තේක්ක කොට තොගයක කොටසක් අධිරණයට භාර නොදි පෞද්ගලික ලී මඩුවකට ගෙන යෑමේ සිද්ධියකට අදාලව කරන ලද පරීක්ෂණයක් මුල්කරගෙන මෙම වැඩ තහනම සිදුකර ඇත්තේ. මිට පෙර මෙම සිදුවිම පිළිබඳව පදියතලාව පොලිස් ස්ථානයේම පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම් වි තිබෙනවා. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝගය මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබුණා. මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පොලිස් පරීක්ෂක රොහාන් ගුණසේන නිලධාරියාගේයි
ඓතිහාසික මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය වන්දනාමාන කරන බැතිමතුන් පලතුරු වට්ටි සැකසීම සඳහා භාවිත කළ විශේෂිත ආසනයක් කඩා බිඳ දමා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නාමල් වැව කොට්ඨාසයට තරග කළ අපේක්ෂකයා වන අවිෂ්ක ඉමේෂ් සේනාධීර සහ ඩබ්ලිව්. ඩී. සුමේධ ලක්ෂිත නම් මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
උදාවන නව වසර සහ උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය ශ්වසන පරීක්ෂණ නළ (Breathalyzer) දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති බව පොලිස් රථ වාහන අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පවසයි. දැනට බෙදාහැර ඇති නළවලට අමතරව, ලබන ජනවාරි මාසයේදී තවත් ශ්වසන පරීක්ෂණ නළ 250,000ක් පොලීසියට ලැබීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය. බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන විශාල ජීවිත සහ දේපළ හානි අවම කරගැනීම මෙම මෙහෙයුම්වල මූලික අරමුණයි. හිටපු කතානායක අශෝක රන්වල මහතා රිය අනතුරකට මුහුණපෑ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවට සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී එය පරීක්ෂා කිරීමට අවශ්‍ය…
ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියගම හා මුරුතගස්පිටිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා. මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සඳහා දේශපාලන මැදිහත් වීම් මත නුසුදුසු පුද්ගලයින්ට වන්දි ලබාදී ඇති බවයි ගොවීන් චෝදනා කළේ. අනතුරුව ගොවීන් දෙහිඅත්තකණ්ඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහායි. කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා කොමසාරිස් අරුණ වීරකෝන් ප්‍රකාශ කළේ ගංවතුර හේතුවෙන් කුඹුරු විනාශ වූ ගොවීන් 4,620 කට රජය මගින් රුපියල් මිලියන 471ක වන්දි ලබාදී ඇති බවයි.
