Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 වර්ෂයේදී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගෙන ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවිය නීත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයාට ලබාදී තිබූ එකක් බවයි. මෙම තොරතුරු ලබාදුන් අපරාධ කල්ලි සාමාජිකයා මාකදුරේ මදූෂ්ගේ පාර්ශවයේ අයෙකු බවටද තොරතුරු වාර්තා වනවා.
තරග 05කින් සමන්විත සත්කාරක ඉන්දියා – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන T20 තරගාවලියේ තුන්වැනි තරගයත් පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවුණා. ඒ කඩුළු 08කින්. අද (26) තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 112ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී හසිනි පෙරේරා ලකුණු 25ක්ද, ඉමේෂා දුලානි ලකුණු 27ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 20ක්ද, කෞෂිනි නූත්යාංගනා නොදැවී ලකුණු 19*ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් වුණා. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රේණුකා සිං කඩුළු 04ක්ද, දීප්ති ෂර්මා කඩුළු 03ක්ද දවා ගත්තා. අනතුරුව ලකුණු 113ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 13.2ක් අවසානයේ කඩුළු…
ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සමඟ ඇති කරගත් සිද්ධියකින් පසුව වැඩ තහනමකට ලක්වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා අද (26) මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ තමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලමිනි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ මාමන්ඩියට අයත් බවට ප්‍රචාර පැතිර ගිය ඉඩමක ගංජා පැළ දෙකක් තිබී හමුවී තිබුණේ පොලිසිය පසුගියදා සිදුකළ වැටලීමකදීය. පසුව ඊට සම්බන්ධ වූ , සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයකු අදාළ මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් දෙසැම්බර් 20වැනිදා රෝහල්ගතව තිබුණි. කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශන කළ පොලිසිය මන්ත්‍රීවරයාට සාපරාධි බියගැන්වීම ඇතුළු චෝදනා තුනක් සම්බ්නධයෙන් එම කොස්තාපල්වරයාව…
රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ මස 15 වැනිදා ඇප හිමිවූ අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය අද (26) ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පිටව ගොස් ඇත. රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 150,000ක මුදල් ඇප මත සැකකාරිය නිදහස් කර ඇති අතර ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
අද (27) දිනයේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව සඳහන්ය. ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.ඊශ්‍රායල්හි සිටින ශ්‍රී ලාංකිකයින් සමග තානාපති කාර්යාලයේදී මෙම විරෝධය එල්ලවී ඇත්තේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි. එය පවත්වා ඇත්තේ, ඊශ්‍රායල්හි සේවය කරන ලාංකිකයින්ට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මේ පිළිබඳව පැහැදිළි කරමින් ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහන තබා තිබෙනවා ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූ බව පැවසෙන සමාජ මාධ්‍යයන්හි පලවන වීඩියෝ හා හා පුවත් පිළිබඳව පැහැදිලි කිරීම. 2025 දෙසැම්බර් මස 24…
‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (26) ආරම්භ වූ සිව්වන තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන් පළමු ඉනිමේදී දැවීගිය අතර, ඒ අනුව පළමු දිනයේ දී පමණක් කඩුලු 20ක් බිඳවැටුණි. මෙලෙස ‘අළු බඳුන’ තරග ඉතිහාසයේ පළමු දිනයේදී කඩුලු 20ම බිඳවැටී ඇත්තේ වසර 116කට පසුව වේ. අවසන්වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1909 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවති තරගයකදී බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි. අද ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 152/10කට දැවීගිය අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110/10ක් පමණි. දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඔස්ට්‍රේලියාව ලකුණු 46ක් ඉදිරියෙන් සිටියේය.
⦁ ආණ්ඩුව වැරදිසහගතව මාධ්‍ය මාර්දනයක් කර තමන් වෙත පැමිණෙන චෝදනා යටපත් කරගැනීමේ උත්සහයක්?…….. මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර ආණ්ඩුව රාජපක්ෂවරු පිට පැටවිමට නිර්දය උත්සහයක යෙදුණද අවාසනාවන්ත ලෙස එම උත්සහය නැවත ඔවුන් වෙත පෙරලා පැමිණ ඇති බැවින් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයක් කර තමන් වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය චෝදනාව යටපත් කිරීමට උත්සහ කරන බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.12.26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,“හිරු නාලිකාව ආණ්ඩුව ගෙනයන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගිසිටීම වෙනුවෙන් හිරු මාධ්‍ය සඳහා ගෙනයනු ලබන…
පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබු වී තොග සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති විසින් අනාවරණයක් සිදු කර තිබේ. අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු සඳහන් කළේ පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබූ වී ලංකා සතොස වෙළෙඳ ජාලයටත් වෙනත් නම් කරන ලද වෙළෙඳ ජාලවලටත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය. මෙවැනි ක්‍රමයක් භාවිතා කරනු ලබන පළමු අවස්ථාව මෙය බව පවසන සභාපතිවරයා මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් විශේෂයෙන්ම මෙහිදී ලියාපදිංචි, වී මෝල් හිමියන්ද මෙයට සහභාගී කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බවත් ඔහු සඳහන්…
සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු මේ වන විට දින කිහිපයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ සිසුවාගේ දෙමාපියන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය. ඊට හේතුව වී ඇත්තේ අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම බව සඳහන් වේ. අදාළ පාසල් සිසුවා දැනට දින 8ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 16 හැවිරිදි වියේ පසුවන බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් පවසන්නේ සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර…
