Author: Bandara Senanayaka

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකටය. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක් සඳහා නිකුත් කර තිබු ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර සහ මිණිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපෙනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙසේ අදියර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකය. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසාලි හේමසිංහ මහත්මිය පැවසුවේ බදුල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා ද නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවය. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වූ බවත් එය ගෙවුණු පැය 24 තුළ ද දැකගත හැකි වූ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය. අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග මේ තත්ත්වය…

Read More

මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බව වාර්තා වේ. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙහිදී රේගු නිලධාරීවරුන්ට මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව සැකපහල වී ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී මෙම මැණික් තොගය සොයා ගෙන ඇත.…

Read More

සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සහායක නිලධාරියෙකුට, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. ඊයේ (20) රාත්‍රියේ කොලොන්න ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ බව පවසන පොලිස් සහායක නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. තමන් සේවය නිම කර නිවස බලා යමින් සිටියදී මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් තමන්ට පහර දුන් බව එම නිලධාරියා පවසයි. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ද අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව කොලොන්න පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ නිලධාරියා බීමත්ව සිටි බවත්, ඔහු…

Read More

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවය. එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී…

Read More

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත. මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීමය. යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්‍ෂක අංශවල…

Read More

බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්‍රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්‍රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා තිබේ. එහිදී බෙලාල් හුසේන්ගේ හත් හැවිරිදි ගැහැණු දරුවා මියගොස්, ඔහු සහ ඔහුගේ අනෙක් ගැහැණු දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නිවැසියන් රාත්‍රී ආහාරය ගෙන නින්දට ගිය පසු අද (21) අලුයම 2ට පමන නිවසේ දොරවල් පිටතින් අඟුළු දමා පෙට්‍රල් වත් කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ. අදාළ නිවස සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන් වේ. මෙලෙස ගින්නෙන් මියගොස් ඇත්තේ අයේෂා අක්ටර් නම් 7 හැවිදි කුඩා ගැහැණු දරුවෙකි. ගින්නෙන් තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි…

Read More

යාපනය, තයියට්ටි ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය ආසන්නයේ අද (ඉරිදා) දින උණුසුම් තත්ත්වයක් පැවති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ දේශපාලන නියෝජිතයන් එක්ව, ටිස්ස විහාරය සම්බන්ධ කරගනිමින් විශාල විරෝධතා ව්‍යාපාරයක් අද දින ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව අතරතුරදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශය තුළ දැඩි ආතතියක් පවතින බව සඳහන් වේ. විරෝධතාකරුවන් පවසන්නේ, තිස්ස විහාරය සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන පුද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසත්, එම විහාරයේ නායක හිමියන්ට ලබාදී ඇති බව කියන විශේෂ පිළිගැනීම්වලට එරෙහිව තමන් මෙම විරෝධතාව පවත්වන බවත්ය. මෙම විරෝධතාව වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ. එම…

Read More