Author: Bandara Senanayaka

ආදරේ කරද්දී පරිස්සමෙන්. Gen z ලා ගොඩක් වැරදි කරනවා ආදරේ කියන subject එකේදී. වැරදි තීරණ ගන්නවා. වැරදි අයව තෝරාගන්නවා. හොඳ කෙනා නරක කෙනා අඳුරගන්නේ නෑ.මිනිස්සු බනින එක සාධාරණ වෙන්නේ ඒකයි. හිතලා බලලා තීරණ ගන්න… ආදරේ කරද්දී පරිස්සමින්. බොළඳ නොවී සොයා බලා ආශ්‍රය කරලා බලලා තීරණය කරන්න.දේශානි නෙහාරා කියන්නේ ඒ ගැන නේද? සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන…. ඇත්ත සතාව හංගගෙන… ආදරෙයි කිය කිය රගපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක…. ඇත්තටම මන් ඒ වගෙ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ… හැබැයි මට ඒවගෙ අය, මිනිස්සු කියල නම් හිතන්න අමාරුයි….. !මගේ ජිවිතේ එක් කාල සීමාවකදි මටත් ඒ වගේ…

Read More

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (19) අලුයම වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වූ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මගින් අද අධිකරණයට දැනුම් දුන්නද, තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය. මේ අතර අදාළ නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය දෙසැම්බර් 11 වනදා සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමේ සිද්ධියට අදාළ නඩුව අද මහර අංක 02 අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකාර…

Read More

අද (19) උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 201ක වර්ෂාපතනයක් ලැබී ඇත. දෙවනියට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ උඩුදුම්බර පොත්තපිටියට වන අතර එය වාර්තා වී ඇත්තේ මිලිමීටර් 155ක වර්ෂාපතනයක් ලෙසය. මේ අතර ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බවද අද උදෑසන 6ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව මෙලෙස වාන් දැමීම සිදුවෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම සිදුකෙරෙන බවද එහි දැක්වෙයි.…

Read More

කුරුල්ලන්ගෙන් මිනිසාට වැළඳෙන කුරුළු උණ යම් දිනෙක ගෝලීය අර්බුදයක් දක්වා ඔඩුදුවන බවට වසර ගණනක් තිස්සේ විද්‍යාඥයන් කළ අනතුරු ඇඟවීම යථාර්ථයක් වෙමින් ඇති බව විදෙස් වාර්තාවන්හි අනතුරු අඟවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන පරිදි, H5N1 යන කුරුළු උණ වර්ගය, 2003 සිට 2025 අගෝස්තු දක්වා රටවල් 25 කින් ආසාදිත රෝගීන් 990 ක් වාර්තා වුණා. මෙම කාලය තුළ මරණ 475 ක් සිදුව ඇති අතර, එය 48% ක මරණ අනුපාතයක්. අමෙරිකාවේ පමණක්, මෙම වෛරසය පක්ෂීන් මිලියන 180 කට වඩා ආසාදනය වී තිබෙන බව සඳහන්. ප්‍රාන්ත 18 ක කිරි ගව පට්ටි 1,000 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති බවයි වාර්තාවන්නේ. අමෙරිකාවේ අවම වශයෙන්…

Read More

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපාි පියසේන මහත්මිය පැවසීය. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.

Read More

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ. මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු) මහනුවර දිස්ත්‍රික්කය:- දොළුව- ⁠උඩුදුම්බර- ⁠මැදදුම්බර නුවරඑළිය දිස්ත්‍රික්කය:- වලපනේ- ⁠හගුරන්කෙත- නිල්දණ්ඩාහින්න- ⁠මතුරට අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න…

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමත් සමග පලස්තීනයේ ගාසා ප්‍රදේශයේ ජන ජීවිතට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පවුල් 55,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ආපදා අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම නිවාස 40කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යට වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා

Read More

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියෙකු විසින් නිවසක රැඳී සිටින පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එහිදි අනාවරණය වූයේ පහරදෙනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටයි. ඒ අනුව සැකකරු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග…

Read More

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඔන්ඩැන්සෙට්‍රෝන් ඉන්ජෙක්ෂන මාත්‍රාවක් ලබා පසුව මිය යාමේ සිද්ධියක් හමුවීමත් සමග, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) හා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPC) හි ඉහළ නිලධාරීන්ගේ අස්වීම ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සමිති එක්ව නිවේදනයක් නිකුත් කර තිබේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය වෛද්‍ය සංගමය (MCRPA) සහ එක්ව ක්‍රියා කරන වෘත්තීය සමිති, රෝහල් ඖෂධ සැපයුමේ ගුණාත්මකභාවය පිළිබඳ ගැඹුරු ක්‍රමයේ අසමත් කමක් මතු වී ඇති බවට අනතුරු අඟවමින්, සෞඛ්‍ය අධිකාරීන්ගේ බරපතල නොසැලකිල්ල චෝදනා කරමින් NMRA හා SPC හි නිලධාරීන්ගේ ඉල්ලා අස්වීමක් ඉල්ලා සිටියි. MCRPA හි සභාපති චමල් සංජීව වෛද්‍යමහතා පවසා සිටියේ, මෙය හුදු හදිසි අනතුරක් නොව, වසර දෙකක් තුල…

Read More