Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ. ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි. පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී ඇත. අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව පැවසේ. මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට “තෝ මරනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන්…
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා දැවැන්ත විපතට පත් වූ කෑගල්ල අරණායන ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීම උදෙසා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම ව්‍යාපෘතිය තුළින් අරණායක ප්‍රාදේශීය රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ [20] සිදු විය. මෙහි දී Patient Monitor 5ක්, Infusion Pump 1ක් සහ Syringe Pump 1ක් පරිත්‍යාග කිරීම සිදු විය.දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා දැවැන්ත විපතට පත් වූ කෑගල්ල අරණායන ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීම උදෙසා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම ව්‍යාපෘතිය තුළින් අරණායක ප්‍රාදේශීය රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. 2025 නොවැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 600කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන ගණනක් ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල විය. මෙම ආපදාවට පසු ‘ඔපරේෂන් සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම ආරම්භ කරමින් ඉන්දියාව වහාම ශ්‍රී ලංකාවට සහාය දක්වමින් මානුෂිය ආධාර, හදිසි සහන ද්‍රව්‍ය සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගෙන තිබුණි. …
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවය. මෙම වාන් දැමීම මගින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදුනොවන බවත් මේ හේතුවෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය. කෙසේ නමුත් ඉදිරි මෝසම් වැසි තත්ත්වයන් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීමේ හැකියාව පවතින බවත් මේ හේතුවෙන් එම තත්ත්වයන් සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු…
ගාල්ල නගරයට අද (20) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබේ. ගාල්ල මහා වීදිය, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය, ගාල්ල වක්වැල්ල මාර්ගය, ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, දංගෙදර, බෙලිගහ ඇතුළු මාර්ග රැසක් මෙන්ම සංචාරක ගාලු කොටුවේද මාර්ග කීපයක් මෙලෙස ජලයෙන් යට ව ඇත. ප්‍රදේශවාසීන් චෝදනා කරනුයේ නිසි ලෙස ජලය බැස යන කාණු පද්ධති සුද්ධ නොකිරීම සහ ඒ මත ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම තත්ත්වය මතුවූ බවය.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහනුවරදී අද (20) පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ලබා ගන්නා එම ණය මුදල් මෙන්ම සහනාධාරද කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ යුතුකමක් වන බවය. එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රජය විසින් මෙම ආපදා තත්ත්වයේදී සහනාධාර ලෙස විශාල මුදලක් ආපදාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇති බවය. ඒ අනුව පුරවැසියන් ලෙස එම සහනාධාර මුදල් ලබා ගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ වගකීමක් සියලු පාර්ශ්ව සතුව පැවතිය යුතු බවත් මේ අනුව තවත් එවැනි…
තම රට බටහිර රටවල අවශ්‍යතාවලට ගරු කරන ආකාරයෙන් ඔවුන් ද තම රට සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් රුසියාවට තවදුරටත් යුදමය ක්‍රියාමාර්ග සඳහා යොමුවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි. එලෙස කටයුතු කිරීමට බටහිර රටවල් සූදානම් වන්නේ නම් යුක්‍රේනයෙන් පසු යුදමය තත්ත්වයන් සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාවක් තම රටට නොමැති බව ද ඔහු සඳහන් කළේය. රුසියාව විසින් යුරෝපා රටවලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මේ බව සඳහන් කර තිබුණි. රූපවාහිනී වැඩසටනකට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබූ අතර පැය 04කුත් මිනිත්තු 30ක පමණ කාලයක් පැවති එම වැඩසටහනේ දී පුටින්…
සෙන්ගල් ඔයෙන් පෝෂණය වන වැව් 05 ක් පිහිටි ආනවිළුන්දාව රැම්සා අභය භූමිය යනු දේශීය මෙන්ම විවිධ රටවල්වලින් පැමිණෙන සංචාරක පක්ෂීන් තම ප්‍රජනන කටයුතු සිදු කිරීමටත්, ඉන් අනතුරුව බිහිවන පැටවුන් සිය රටවල් කරා කැඳවා ගෙන යන තුරු රැක බලා ගනිමින් රැදී සිටින පරිසර පද්ධතියක්.එමෙන්ම මෙම භූමියේ පිහිටි වැව් පද්ධතියේ රැස් වන ජලය මඟින් ප්‍රදේශයේ ගොවීන් රැසක් ද සිය කුඹුරු වගාව සිදු කරගනු ලබනවා.කෙසේ වෙතත් පැවති අධික වර්ෂාවත් සමඟ එම භූමියේ පිහිටි මයියාව වැව් බැම්ම පුපුරා යාම නිසා එම වැව මේ වන විට සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව වාර්තා වනවා.එමෙන්ම ඊට යාබදව පිහිටා ඇති සුරුවිල වැවෙහි බැම්ම ද ස්ථාන 08 කින් පමණ…
අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (20) අලුයම ඒ මහතාගේ දේහය තැම්පත් කර ඇති එප්පාවල කටියාව පිහිටි නිවසට පැමිණ සිටියා. දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ පිරිස් වෙත සිය ශෝකය පළ කිරීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී නාමල් රාජපක්ෂ විසින් මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා. අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නායකයෙක් ලෙස කටයුතු කළ බවත් ඔහු ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම රටේ ජනතාවගේ ගැටළු පිළිබද අවබෝදයකින් යුතුව කටයුතු කළ බවත් ඔහුගේ වියෝව පිළිබද ශෝකය පලකරන බවත් නාමල් රාජපක්ෂ පවසා සිටියා. පවතින දේශපාලන තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට ආණ්ඩුව සිතනුයේ ඔවුන්…
