නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවත්, ඒ මඟින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදුවිය හැකි බවත්, එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත. එසේම මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත.

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, විය හැකි මූල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගයීමක් සිදුකර ඇති අතර, ඒ අනුව වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හට, එහ ප්‍රාග්ධන ප්‍රමාණාතාමකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බව ප්‍රකාශ කළ හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව, තවදුරත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය පරිදි සුදුසු පියවර ගනු ඇත.

අවශ්‍ය වුවහොත්. පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකුවවලට ලබාගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හට, තාවකාලික ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතී.


#newsforcelk #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews
#newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version