බාල ගල් අඟුරු යන වචනයට වඩා සිදුව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ශක්තිය උත්පාදනය නොකරන ගල් අඟුරු තොග ලැබීමක් බවත් ඒ ගල් අඟුරු තොග විදුලි ජනනය සඳහා දැනට භාවිතා කරමින් සිටින බවත් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා අපි ගොඩබෑවාට පස්සේ නැවත පැටවීමක් නෑ කියලා අපෙ තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර ගොඩබාපු බාල ගල් අඟුරුවලට මොකක්ද කළේ ?

“නෑ, එහෙම නෙවෙයි. බාල ගල් අඟුරු කියන වචනයට වඩා එතැන තියෙන්නෙ අපිට අවශ්‍ය වෙත ශක්තිය උපදවන්නෙ නැති එක තමයි ප්‍රශ්නය තියෙන්නෙ. ඒ ගල් අඟුරු අපි යූස් කරනවා. ඒ කියන්නෙ ඒක අන්ලෝඩ් කරලා අයින් කරලා තියලා නෑ. ඒවා යූස් වෙනවා. ඒකට අදාළ දඩමුදල් අපි අයකරගෙන තියෙනවා, අද වෙනකොට 16 වැනි නැවේත් පරීක්ෂණ වාර්තා ඇවිල්ලා තියෙනවා. ආසන්න වශයෙන් ඩොලර් මිලියන 27ක් දඩ ලෙස අයකරගෙන තියෙනවා. දැනට ඒකත් තියෙනවා. කාර්යසාධන ඇපකරය තව මිලියන 15ක් තියෙනවා”

ප්‍රශ්නය – ඔය ගල් අඟුරු භාවිතා කරනකොට යන්ත්‍ර සූත්‍රවලට හානියක් වෙන්නෙ නැද්ද ?

“නැහැ. අපි ඒක විශේෂඥයින්ගෙනුත් ඇහුවා, දෙතුන් වතාවක් අපිත් විසිට් කළා. එතන වෙලා තියෙන ප්‍රශ්නය අපිට අවශ්‍ය ශක්තිය එන්නෙ නැති එක. එහෙම නැතිව මැෂින්වලට හානියක් වෙන්නෙ නෑ කියන එක තමයි අපිට ලබාදුන්නු උත්තරය”

බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි

Share.
Leave A Reply

Exit mobile version