හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම ගෝලීය කෘෂි-ආහාර පද්ධතියට එල්ල වන දැඩි බලපෑමක් බවත්, එමඟින් ඉදිරි මාස 6 ත් 12 ත් අතර කාලය තුළ ලොව පුරා දරුණු ආහාර මිල අර්බුදයක් නිර්මාණය විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අනතුරු අඟවනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පියවර ගත හැකි කාලය ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ගෝලීය බලශක්ති සහ වෙළඳ සැපයුම් ජාලයේ අතිශය තීරණාත්මක මුහුදු මාර්ගයක්.
මෙහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මාස කිහිපය ඇතුළත ලෝක වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
මෙමඟින් සිදුවිය හැකි බරපතළ ආර්ථික හා සමාජීය බිඳවැටීම වැළැක්වීම සඳහා ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර සංවිධාන වහාම මැදිහත් වී පූර්ව ආරක්ෂණ පියවර ගත යුතු බව FAO සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරනවා.

