හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මගින් මෙහෙයවනු ලබන සන්නද්ධ යාත්‍රා දෙකකින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒකකය (UKMTO) පවසනවා.
ඕමානයේ සිට නාවික සැතපුම් 20ක් උතුරු දෙසින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, තවත් වෙළඳ නෞකා දෙකක් එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී වෙඩි ප්රහාරයන්ට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

