රුපියල අවප්‍රමාණය වීම ලබන ජූනි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සෘජුවම බලපාන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.
ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 30 රුපියල් 40 දක්වා ඉහළ යා යුතු බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් සඳහන් කළේ.
එමෙන්ම ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග කිරි තේ එකක මිල ද රුපියල් 5.00කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් ඊයේ (20) පැවසුවා.

