නීති විරෝධී ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නීති විරෝධි ලෙස සංචාරක වීසා මත මෙරටට පැමිණ සංචාරක මාර්ගෝපදේශයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසකුයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

මාර්ගෝපදේශයේ යෙදෙන පිරිස් සඳහා මෙරට මාර්ගෝපදේශකයින් සිටියදී මොවුන් අනීතික ලෙස මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි ආගමන විගමන නිලධාරීන් පවසන්නේ.

ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ මැදිහත් වීම මතයි වැටලීම සිදු කෙරුණේ.

Share.
Leave A Reply

Exit mobile version