යුරියා පොහොර මිල සහ අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් ඉහළ යාම නිසා ගොඩ බෝග වගා කරන ගොවීන් දැඩිව අපහසුතාවයට පත්ව සිටින බව පොළොන්නරුව සහ හබරණ ප්‍රදේශවල ගොවින් පවසනවා.
ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරන සඳහන් කළේ ගොඩබෝග වගාවලට පොහොර සහනාධාරයක් ලබා නොදීම හේතුවෙන් ගොවීන් දැඩිව පීඩාවට පත්ව ඇති බවයි.


