එප්පාවල, ඇඳගල නබඩවැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
නබඩවැව පාලම අසල ඊයේ (18) පස්වරුවේ දිය නෑමට පැමිණ පුද්ගලයෙකුට වැව තුළ තිබී මෙම අත්බෝම්බය හමුවී ඇති අතර, ඒ පිළිබඳ එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත.
ඒ අනුව අදාළ බෝම්බය ඇති ස්ථානයට ආරක්ෂාවට යොදවා ඇති අතර, මේ පිළිබඳව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
එම අත්බෝම්බය තරමක් මලකඩ කා ඇති අතර, කිසියම් පුද්ගලයකු ඇඳගල – බුල්නෑව මාර්ගයේ පිහිටි නබඩවැව පාලම අසලින් මෙම බෝම්බය වැවට විසි කරන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා මෙම අත්බෝම්බය පුපුරුවා හැරීමට නියමිත බව පොලීසිය පවසයි.

