Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කපිල චන්ද්‍රසේනට ඇප තැබීමේ සිද්ධියේ සිව්දෙනාට ඇප
    උණුසුම් පුවත්

    කපිල චන්ද්‍රසේනට ඇප තැබීමේ සිද්ධියේ සිව්දෙනාට ඇප

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 20, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා ඇතුළු ඊට ආධාර අනුබල දුන්නැයි කියන සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (20) නියෝග කළා.

    එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියම කළා.

    මෙම සැකකරුවන් වෙනුවෙන් ඇප තබන පුද්ගලයන්ගේ පදිංචිය සහතික කරන ග්‍රාම නිලධාරී සහතික අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට වත්කම් තිබේද යන්න පිළිබඳව සනාථ කරන ලෙසද නියෝග කළා.

    සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි අනුරුද්ධ විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

    ඒ අනුව, මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන්, බි.ඒ. තිස්ස සහ පෙරුමාල් ගනේෂ් නමැති සැකකරුවන්.

    කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා සහ එය සම්බන්ධීකරණය කළ සහ මැදිහත්කරු ලෙස කටයුතු කළ බව කියන සැකකරුවන් අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉකුත් නඩු දිනයේදී අධිකරණය නියෝග කර තිබුණා.

    සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාලව 2026 ජනවාරි මාසයේ සිට 2026 මැයි මාසය දක්වා පළමු සහ දෙවන සැකකරුවන් විසින් ග්‍රාම සේවක සහතික 17ක් ලබාගෙන ඇති බවට කරුණු හෙළිව ඇති බවයි.

    ‍අධිකරණයට කරුණු දක්වමින් කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි අනුරුද්ධ මෙසේ කරුණු ඉදිරිපත් කළා.

    ” ස්වාමීනි, මෙම සැකකරුවන් මැයි 5 වන දින ඇප සඳහා අත්සන් තැබීමට කටයුතු කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලවයි. මේ වෙද්දී ඒ නඩුවේ සැකකාර පුද්ගලයා ජීවිතක්ෂයට පත්වෙලා. කෙසෙල්වත්ත වසමේ ග්‍රාම නිලධාරී වන එස්. නිලන්ත සිල්වාගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව නිත්‍යානුකූලව 2019 සිට 2025 දක්වා පළමු සහ දෙවන සැකකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්. මෙම පුද්ගලයන් දෙදෙනා 2026 ජනවාරි මාසයේ සිට 2026 පස්වැනි මාසය දක්වා ග්‍රාම නිලධාරී සහතික 17ක් අරගෙන. පළමු සැකකරු ග්‍රාමසේවක සහතික 10ක් සහ දෙවන සැකකරු ග්‍රාම සේවක සහතික 7ක් වශයෙන් අරගෙන. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබනවා.

    ඒ සම්බන්ධයෙන් අදාල ග්‍රාමසේවක නිලධාරීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. තවද එම ග්‍රාමසේවක නිලධාරීවරයාගේ ජංගම දුරකථන වර්තා සම්බන්ධයෙන් ලබා ගන්නා ලද විශ්ලේෂණ වර්තා අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවා.

    මෙම සිද්ධියට අදාල තුන්වන සැකකරු වන තිස්ස නමැත්තා අධිකරණ භූමියේ සිට වෙනත් අය සඳහා ඇප ලබාදීමට දිගින් දිගටම කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඔහු මේ සිද්ධි‍යට ඍජුවම ආධාර අනුබල ලබා දී තිබෙනවා.

    ස්වාමිනී, මෙම සිද්ධියට අදාලව වෙනත් පාර්ශ්වයකින් රහස්‍ය ප්‍රකාශයක් ලබා ගත්තා. එම ප්‍රකාශය අනුවද විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

    සිව්වැනි සැකකරු වන ගනේෂ් නමැත්තා පළමු සහ දෙවැනි සැකකරුවන් හඳුනන්නේ ඇප ලබා දීමට අධිකරණ භූමියට පැමිණීමෙන් අනතුරුව බවට ද හෙළිවුණා.

    සිද්ධියට අදාල හතරවන සැකකරු වන ගනේෂ් නමැත්තා ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරලා. පළමු දෙවන සහ තුන්වන සැකකරුවන් මෙම සිද්ධියට අදාලව ඇප ලබාගැනීමට සිටි පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දන්නෑ. එසේම කිසිම ඥාතීත්වයක් නැති බවට ද තොරතුරු අනාවරණය වෙනවා.

    ස්වාමීනි, මේ වන විට ඇප ලබා ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ ජීවිතක්ෂයට පත්වීමට මෙම කරුණද පාදක වී ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරනවා.

    එම මරණයට අදාලව තවමත් විමර්ශන කටයුතු සිදු කරනවා.ඉඑහි විමර්ශන කටයුතුවලට මොවුන්ට ඇප ලබා දුන්නොත් බාධාවක් විය හැකි බැවින් එහි විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

    සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට සිට නීතිඥ සංජය ගමගේ අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයන් සම්බන්ධයෙන් නිශ්චිත වරදවල් නොදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කර නඩුව යළි ජුනි 25 වැනිදා කැඳවීමට නියම කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026

    පොලිසියට කාන්තාවන් 2650ක්

    May 20, 2026

    රුසියා-චීන ජනපති හමුව

    May 20, 2026

    කළුගඟ ඉවුරේ සිරුරක් ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස හොයා ගන්න නෑ

    May 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    පෘථිවියේ ජීවත් වන අමුතුම සතුන් අතරින් එක් සත්වයෙක් ලෙස සැලකෙන “Star-nosed Mole” විද්‍යාඥයන්ගේ විශේෂ අවධානය…

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026

    පොලිසියට කාන්තාවන් 2650ක්

    May 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026

    පොලිසියට කාන්තාවන් 2650ක්

    May 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.