රුපියල් දෙකෝටි පනස්ලක්ෂ පනස්දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 505ක් සමගින් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

අද (25) අලු‍යම තායිලන්තයේ බැංකොක් නුවර සිටයි මොහු මෙරටට පැමිණ ඇත්තේ.

සැකකරු වියළි පළතුරු අඩංගු පැකට් තුළ මේවා සූක්ෂම ලෙස සගවාගෙන මෙරටට රැගෙනවිත් තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version