ඉදිරි විදුලි ගාස්තු සංශෝධනවලදී, ගල් අඟුරු ආශ්‍රිත ගැටලු හේතුවෙන් ඇති වූ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ සැපයුමේදී ඇති වූ විවිධ තාක්ෂණික හා පරිපාලනමය ගැටලු හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගියද, එම බර සාමාන්‍ය ජනතාව මත පටවා විදුලි බිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන බවයි කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.

ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ගාස්තු සංශෝධන යෝජනාවලදී මෙම ගල්අඟුරු සම්බන්ධ පිරිවැය බැහැර කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version