මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට ජාතික පද්ධති කළමනාකරණ සමාගම, මහජන උපයෝගිතා කොමිසමට කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් බාර දී තිබෙනවා.

විශේෂයෙන් බාල ගල් අඟුරු මගඩියේ අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීම නවත්වන්නැයි ඉල්ලා මෙම ලිපිය භාරදී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින්.

2026 දෙවෙනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික පද්ධති කලමනාකරන සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර. එහිදී රුපියල් බිලියන 41ක පිරිවැය හිගයක් පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 40% – 50% දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි.

තවද පිරිවැය හිගයෙන් රුපියල් බිලියන 20.5 ක් බාල ගල් අඟුරු යොදාගැනීම නිසා සිදුව ඇති බව අනාවරණය වී ඇති බවත්.එසේම අප්‍රේල් 2 වැනිදා ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව අනුව ගල් අඟුරු මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර ඇති බව නිගමනය කර තිබේන අතර මෙම හේතුව නිසා විදුලි ගාස්තු සංශෝධනය කරමින් එම පිරිවැය පියවීම විදුලි පාරිභෝගිකයන් මත පැටවීම සාධාරණ නොවනබවයි.

Share.
Leave A Reply

Exit mobile version