මාසික වැටුප රුපියල් ලක්ෂයක් ගෙවා, ගෙවත්ත රැක බලාගැනීම සදහා යොදවා තිබු විසි අට හැවිරිදි මුරකරු, වෛද්‍යවරයාගේ නිවසේ තිබු රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් ඉදිකිරීම් උපකරණ, ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ තොගයක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විසින් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විෂද්ශගතව සිටින වෛද්‍යවරයෙකුට අයත් ගුරුදෙණිය මාළිගාතැන්න ප්‍රදේශයේ නිවයේ ගෙවත්තේ මුරකරු වන මෙම සැකකරු වසරක පමණ කාලයක් තියේ අවස්ථා ගණනාවකදි මෙම භාණ්ඩ යොරාගෙන ඒවා ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයකට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. අනතුරුව ඒවායින් කොටයක් පොලිස් භාරයට ගෙන ඇත.

වෛද්‍යවරයාගේ විශ්වාසය දිනා ගනිමින් කාලයක් තියේ ගෙවත්ත රැක බලා ගත් 28 හැවිරිදි සැකකරු මාස කිහිපකට පෙර හදවත් සැත්කමකට භාජනය වී තිබේන අතර පෞද්ගලික රෝහලකදී එම් සැත්කම් සිදු කිරීම් සඳහා අදාළ වෛද්‍යවරයා විසින් රුපියල් ලක්ෂ 46ක මුදලක් වැයකර තිබේ.

විවාහ වී වසර ගණනාවක් ගතව යන තෙක්ම දරුවන් නොමැති වීම නිසා නළ දරු උපතක් සිදුකර ගැනීම් සඳහා සැකකරුගේ බිරිඳව වෛද්‍යවරයා රුපියල් ලක්ෂ 40ක මුදලක්ද ලබා දි ඇත.

ගෙවත්ත රැක බලාගැනීම වෙනුවෙන් මායිකව ඔහුට රුපියල් ලක්ෂයක් මුදලක් වෛද්‍යවරයා ගෙවා තිබෙන අතර හදවත් සැත්කමින් පයු මාළිගාතැන්නේ පිහිටි ඔහුගේ නිවයේ සිට වෛද්‍යවරයාගේ නිවයට පැමිණීම සඳහා ඔහුව ත්‍රිරෝද රථයක් මිලට ගෙන දී තිබේන බවද පොලිය් පරීක්ෂණ මගින් හෙළිව තිබේ. වෛද්‍යවරයාගේ හිතවතියක වන නුගේගොඩ පදිංචි 66 හැවිරිදි කාන්තාවකට තෙමහල් නිවස හා අක්කර 20ක් පමණ වන වත්ත පිළිබඳ සොයා බලන ලෙස වෛද්‍යවරයා දැනුම් දී තිබි ඇත.

ඒ අනුව මාසයකට වරක් නිවසට පැමිණ එක් දිනක් එහි ගත කරන ඇය පසුගිය දිනක පැමිණි අවස්ථාවේ නාන කාමරයේ උපකරණ කිහිපයක් නොමැති බව දැක ඇත.

ඉන්පසුව කළ සෝදිසි කිරීමේදී අනෙක් කාමරවලද භාණ්ඩ ගණනාවක් අස්ථාන ගතව තිබෙන බව දැකීමෙන් ඇය ඒ පිළිබඳව මුරකරුගෙන් වීමසා තිබේ.

කවුරුන් හෝ ඒවා යොරාගෙන ඇති බව කියමින් මුරකරු තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. අදාළ කාන්තාව වෛද්‍යවරයාට වට්ස්ඇප් මගින් ඇමතුමක් ගෙන මේ පිළිබඳව දැනුම් දී තිබේ. පස් කපන යන්ත්‍ර, පස් පාලන යන්ත්‍ර, ජෙනරේටර්, වායු සමීකරණ ඇතුළු භාණ්ඩ ගණනාවක් ගබඩාකර තිබෙන කාමරය බිඳ එහි තිබූ රුපියල් කෝටි ගණනක භාණ්ඩ සොරාගෙන තිබෙන බව පසුව හෙළිවී ඇත.

වෛද්‍යවරයාගේ උපදෙස් මත කාන්තාව තළාතුඹය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අතර ඒ අනුව කළ විමර්ශන මගින් මුරකරු මෙම සොරකමට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

ඔහුගේ ජංගම් දුරකතනය හා නිවයේ සී.සී.ටී.වී පරීක්ෂා කිරීමෙන් පසු තොරතුරු අනාවරණය කරගත් පොලිසිය අදාළ භාණ්ඩවලින් කොටසක් සොයාගෙන ඇත.

Share.
Leave A Reply

Exit mobile version