කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන ඇත.

අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version