පවතින අයපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම කිරිඳිඔයේ, තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.

