නිධානයකින් ලබා ගත් බව කියන පුරාවස්තු යැයි සැක කරන කළු ගලින් නිර්මාණය කර ඇති විවිධ හැඩයේ තෙල් මුට්ටි ලෙස හඳුන්වන ලද කැටයම් සහිත ගල් තුනක් රුපියල් කෝටි 15කට විකිණීමට සැලසුම් කළ හෝටල් හිමිකරුවකු සහ රාජ්‍ය ආයතනයක සේවකයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරනවා.

හෝටල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම තෙල් මුට්ටි තුන සමග මොරටුව කුරුස හන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ හෝටලයේදීයි.

එමෙන්ම රාජ්‍ය සේවකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, සව්සිරිපාය රාජ්‍ය ආයතනයක් තුළදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 41 සහ 53 අතර පසුවන තෙළවල සහ මොරටුව පදිංචිකරුවන්.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස සහ මොරටුව පොලිස් වසම් තුළ අපරාධ නිවාරණ හා දූෂණ මර්දන රාජකාරියේ යෙදී සිටියදී ලද තොරතුරකට අනුවයි හෝටලය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම තෙල් මුට්ටි තුළ ඇති තෙල් විශාල වටිනාකමක් තිබෙන නොයෙකුත් වෙදකම්වලට යොදාගන්නාා බවටත් සැකකරුවන්ගේ ප්‍රකාශ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වනවා.

Share.
Leave A Reply

Exit mobile version