ප්‍රදේශ දෙකකදී සිදු වූ පුද්ගල ඝාතනවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිටිගල, හොරංගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.

දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර එහිදි තුවාල ලැබු සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිස්සමහාරාම, ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළ දී ද කාන්තාවක් ඝාතනය කර ඇත.

අදාළ කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල නිරීක්ෂණය වී ඇති අතර ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ 88 හැවිරිදි ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

Share.
Leave A Reply

Exit mobile version