ප්‍රමිතියෙන් තොර ලියාපදිංචි නොකළ සහ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වරාය හා ගුවන්තොටුපොළ හරහා මෙරට ගෙන්වනු ලැබූ ඖෂධ වර්ග රැසක් පුද්ගලික ඔසුසල් හරහා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය පවසයි.

පිළිකා, වකුගඩු, ළමා රෝග හා බෝ නොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ග ඇතුළු තවත් ඖෂධ වර්ග රැසක් මෙලෙස රට පුරා පෞද්ගලික ඔසුසල් මගින් අලෙවි කරමින් පසුවන බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

අවස්ථා කිහිපයකදීම සිය සන්ධානය මෙම ඖෂධ ජාවාරම පිළිබඳ පෙන්වා දුන්නද ඖෂධ නියාමන අධිකාරිය හා අදාළ විෂය පථය භාර නිලධාරීන් හදිසි වැටලීම් සිදු නොකිරීම නිසා මෙම ජාවාරම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.

Share.
Leave A Reply

Exit mobile version