දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මඟින් ඊයේ (20) පුද්ගලයින් 25,683 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී සැකපිට අත්අඩංගුවට ගත් පිරිස 396ක් බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ.

අපරාධවලට සෘජුවම සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් 282ක් අතර දින වරෙන්තු 191ක් සහ විවෘත වරෙන්තු 91ක් වන බව සඳහන්.

මීට අමතරව මාර්ග විනය උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන්ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී බීමත් රියදුරන් 67ක් සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 51ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 3,332ක් ද වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කෙරෙන අතර ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version