පොලිස් නිලධාරීනියන්ගේ පුරප්පාඩු පිරවීමට අදාළව උපපොලිස් පරීක්ෂකවරියන් 50 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරියන් 2600 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති පොලීසිය පාර්ලිමේන්තුවට පැවැසීය.

කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැමිණි පොලිස් නිලධාරීනියක් මේ බව සඳහන් කළේය.

එසේම දමිල භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරීනියන් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් ඇය කාරක සභාවට පැවසුවාය.

Share.
Leave A Reply

Exit mobile version