භාණ්ඩාගාරයේ මුදල් ගිය ගිණුමින් ජාත්‍යන්තර හැකර් කෙනකු ඒ සල්ලි අරගෙන නම් විවිධ ආයතනවලට පැමිණිලි කළත් එම මුදල් රටක රජයකට වුවත් ආපසු ගැනීමට අපහසු බව මහාචාර්ය අනුරාධි හපුආරච්චි මහත්මිය පවසයි.
භාණ්ඩාගාරයට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල ගැන විවිධ පරීක්ෂණ ආයතන වලට පැමිණිලි කළත් එම මුදල් රජයට ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරිය මේ බව කීවාය.
” සාමාන්‍ය මුදලක් ලබාගත්තත් සාමාන්‍ය වංචාවක දීමේක ටිකක් අපහසුයි” යනුවෙන් ඇය සඳහන් කළාය.
“මේ මුදල් නැවත ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ජාත්‍යන්තර හැකර් කෙනෙක් නම් මේ මුදල් ගැනීම් අපහසුයි. මොවුන් තාක්ෂණිකට ඉතා ප්‍රබලයි. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැහැ ” යැයි ද ඇය අවධාරණය කළාය.

